Home Science News චීනය තැනූ රොබෝ මදුරු ඩ්‍රෝනය

චීනය තැනූ රොබෝ මදුරු ඩ්‍රෝනය

by Sathya

චීනයේ ජාතික ආරක්ෂණ විශ්විවිද්‍යාලය (NUDT) විසින් රහසිගත මෙහෙයුම් සඳහා යොදාගත හැකි අන්දමේ මදුරුවෙකුගේ ප්‍රමාණයෙන් යුතු ඩ්‍රෝන යානයක් නිපදවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිමනක් තොරතුරු මාධ්‍ය වෙත මුදාහැර නැතත්, සංවේදී පරිසර තත්ත්වයන් තුළ කෙරෙන ඔත්තු බැලීමේ සහ පූර්වේක්ෂණ කටයුතු මෙහි ප්‍රධානතම භාවිතයක් ලෙස හඳුනාගැනෙනවා.

ඉතා සංයුක්ත පෙනුමෙන් සහ හැඩයෙන් යුතු නිසා ම එයට පහසුවෙන් සැඟවීමේ සහ නො පෙනී සිටීමේ හැකියාව ලැබී තිබෙනවා. වාර්තා වී ඇති අන්දමට සැබෑ ම කෘමියෙකු මෙන් අත් තටු සැලිය හැකි පරිදි කුඩා අත්තටු දෙකක් ද එය සතුයි.

“මගේ අතේ මේ සිටින්නේ මදුරුවෙකු වැනි වූ රොබෝවෙක්. කුඩා පරිමාණයේ යාන්ත්‍රික ශරීරාංග හිමි මෙවැනි රොබෝවන් විශේෂයෙන් ම තොරතුරු පූර්වේක්ෂණයට සහ යුද පිටියේ විශේෂ මෙහෙයුම් කටයුතු සඳහා යෝග්‍ය වනවා.” යි එරට ජාතික නාලිකාව වන CCTV වෙත අදහස් දක්වමින් NUDT සිසුවෙකු සඳහන් කරනවා.

ගොඩබැසීම සඳහා යොදාගැනෙන සිහින් පාද තුනක් ද මේ රොබෝ ඩ්‍රෝන මදුරුවා සතුයි.

Interesting Engineering ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications