Home Science News ස්තරගෝලයේ සිට පනිමින් ලෝක වාර්තා අතරට ගිය බෝම්ගාට්නර් පැරාග්ලයිඩ් අනතුරකින් ජීවිතක්ෂයට

ස්තරගෝලයේ සිට පනිමින් ලෝක වාර්තා අතරට ගිය බෝම්ගාට්නර් පැරාග්ලයිඩ් අනතුරකින් ජීවිතක්ෂයට

by Sathya

ස්තරගෝලයේ සිට පනිමින් ලොව ප්‍රථම වතාවට තම සිරුරෙන් ශබ්දයේ බාධකය බිඳ දැමූ මිනිසා බවට පත් වෙමින් ලෝක වාර්තා අතරට එක් වූ ඔස්ට්‍රියානු ජාතික ගගනකිමිදුම්ක⁣රු ෆීලික්ස් බෝම්ගාට්නර් ඉකුත් 16 වැනි දා අනතුරට ලක් ව ජීවතක්ෂයට පත් වුණා. මිය යන විට ඔහු 56 හැවිරිදි වියේ පසු වුණා.

ඉතාලියේ වෙරළබඩ ප්‍රදේශයක පැරාග්ලයිඩින් ක්‍රියාකාරකමක් අතරතුර අනතුරට ලක් වීම හේතුවෙන් ඔහු මරණයට පත් වූ බව ඉතාලි බලධාරීන් සඳහන් කළා. ඔහු පියාසර කළ පැරාග්ලයිඩරය පෝර්ටෝ සැන්ටා’එල්පීඩියෝ ප්‍රදේශයේ පිහිනුම් තටාකයක ගැට්ටේ වැදීමෙන් මෙම මරණීය අනතුර සිදු වූ බවයි බලධාරීන් සඳහන් කළේ.

ගගනකිමිදුම්කරුවෙකු මෙන් ම අනතුරුදායක ක්‍රීඩාවල නියැළෙන අයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ව සිිිටි බෝම්ගාට්නර් 2012 ඔක්තෝබර් 14 වැනි දා ⁣ අධි උන්නතාංශ බැලූනයකින් පොළොවේ සිට කිලෝමිටර 39ක (අඩි 128,000) උසකට එසවුණු කැප්සියුලයකින් පනිමින් ලෝක වාර්තා අතරට එක්වුණා.

සාමාන්‍ය මගී ගුවන්යානා ගමන්ගන්නා උන්නතාංශය මෙන් තුන් ගුණයන් ඉහළ උසක සිට පනින ලද ඔහු, පොළොවට ආසන්නවත් ම දිගහැරුණු පැරශුටය උපයෝගී කරගනිමින් නිව් මෙක්සිකෝ කාන්තාරය වෙත නිරුපද්‍රිත ව පහත් වුණා.

ඉන් දෙවසරකට පසු Google සමාගමේ විධායකයෙකු වූ ඇලන් යූස්ටස් කිලෝමිටර 41 ක උන්නතාංශයකින් පනිමින් බෝම්ගාට්නර් විසින් තබන ලද වාර්තාව අලුත් කරීමට සමත් වුණා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications