Home Science News Starlink ජාලයට අලුත් චන්ද්‍රිකා 28ක් එක් කෙරේ

Starlink ජාලයට අලුත් චන්ද්‍රිකා 28ක් එක් කෙරේ

by Sathya

අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා පහළ පෘථිවි කක්ෂයේ ස්ථාපනය කර ඇති චන්ද්‍රිකා ජාලයට අලුතෙන් තවත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 28ක් එක් වීම පසුගිය දා සිදුවුණා.

​ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානයේ (Cape Canaveral Space Force Station) අංක 40 දියත් කිරීමේ සංකීර්ණයෙන් නොවැම්බර් 22 සෙනසුරාදා නැගෙනහිර වේලාවෙන් අලුයම 2:53ට ෆැල්කන් 9 රොකට්ටුවක ආධාරයෙන් මේ ක්ෂුද්‍ර චන්ද්‍රිකා උඩුගුවන බලා පිටත් කර හැරුණා. පැයකුත් මිනිත්තු පහකට පසු, ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ෆැල්කන් රොකට්ටුවේ ඉහළ අදියරෙන් අභ්‍යවකාශය වෙත මුදා හැරුණා.

මේ මෙහෙයුමත් සමඟින් 2025 වසර තුළ Falcon 9 යොදාගෙන සිදු කළ 150 වැනි දියත් කිරීම සාර්ථක ලෙස සම්පූර්ණ වූ බව SpaceX සිය X ගිණුම හරහා ප්‍රකාශ කළා.

​2019 වසරේ සිට දියත් කරන ලද 10,400කට අධික සංඛ්‍යාවෙන් දැනට ක්‍රියාකාරී චන්ද්‍රිකා 9,000කට වඩා Starlink චන්ද්‍රිකා ජාලය සතු ව ඇති අතර මෙම මෙහෙයුම මඟින් ඊට තවත් චන්ද්‍රිකා 29ක් අලුතින් එක් වීම සිදුවුණා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications