Home Science News රුසියාවේ සක්‍රීය මට්ටමේ පවතින එකම දියත් කිරීමේ පුවරුවට හානි

රුසියාවේ සක්‍රීය මට්ටමේ පවතින එකම දියත් කිරීමේ පුවරුවට හානි

by Sathya

ඉකුත් නොවැම්බර් 27 (බ්‍රහස්පතින්දා) දින රුසියාව විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නව ගගනගාමීන් තිදෙනෙකු සාර්ථකව දියත් කරනු ලැබීමත් සමඟ, කක්ෂගත විද්‍යාගාරය වෙත මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් සඳහා භාවිත කරන එම රටේ එක ම සක්‍රීය දියත් කිරීමේ වේදිකාවට හානි සිදු වූ බව රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ සංස්ථාව තහවුරු කර තිබෙනවා.

බයිකොනුර් කොස්මොඩ්‍රෝම් හි 31/6 අංගණයේ පිහිටි රොකට්ටුවෙන් නිකුත් වන ගිනි දැල්ල පිටකරන ආගාධයේ (flame trench) තිබූ නඩත්තු කුටිය (සේවා වේදිකාව ලෙසද හැඳින්වේ) මෙම දියත් කිරීහෙන් පසුව කඩා වැටී ඇති බව වාර්තා වනවා. දියත් කිරීමේ වේදිකාවෙන් රොකට් දියත් කිරීමේ සූදානම් කිරීමේ කටයුතු සඳහා මෙම වේදිකාව අවශ්‍ය වනවා.

​”රොකට්ටුවක් දියත් කිරීමෙන් පසු ව සෑම විට ම කරන පරිදි, දියත් කිරීමේ ස්ථානය පරීක්ෂා කෙරුණා. දියත් කිරීමේ වේදිකාවේ අංග කිහිපයකට හානි සිදු වී ඇති බව සොයා ගැනුණා” Roscosmos විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වුණා. “මෙවැනි හානි දියත් කිරීමෙන් පසු ඇති විය හැකි බැවින්, එවැනි පරීක්ෂාවක් සිදු කිරීම ජාත්‍යන්තර සම්මතයක් වනවා.”

“දියත් කිරීමේ සංකීර්ණයේ තත්ත්වය දැනට තක්සේරු කරමින් තිබෙනවා,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා. “ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සියලු ම අමතර කොටස් අප සතු ව ඇති අතර, නුදුරේ දී ම හානිය පළිසකර කරනු ඇති.” එහි සඳහන්.

අංක 1 අංගනය පවත්වාගෙන යාම සඳහා අරමුදල් නොමැති වීම හේතුවෙන් එය වසා දැමුණු පසු, 2020 වසරේ සිට අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත රුසියානු විශ්වගාමීන් රැගෙන යාම සිදුකරනු ලැබුණේ 31/6 අංගනය පමණක් භාවිත කරමින්.

Site 1 අංගනය, 1961 වසරේ දී ගගනගාමී යූරි ගගාරින් විසින් සිදු කරන ලද ලෝකයේ ප්‍රථම මානව අභ්‍යවකාශ ගමනට සත්කාරකත්වය සපයා තිබෙනවා.

​ Site 31/6 අංගනය ප්‍රථම වරට 1961 ජනවාරි මාසයේ දී භාවිතා කර ඇති අතර එතැන් සිට දියත් කිරීම් 400කට වැඩි ගණනකට සහාය වී තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

 

 

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications