Home Science News දශකයක් තුළ අප්‍රිකානු පෙන්ග්වින් 62,000 ක් කුසගින්නේ මියගිහින්

දශකයක් තුළ අප්‍රිකානු පෙන්ග්වින් 62,000 ක් කුසගින්නේ මියගිහින්

by Sathya

ජාත්‍යන්තර පක්ෂි විද්‍යා සංගමය විසින් ලොව පුරා හඳුනාගෙන තිබෙන පෙන්ග්වින් විශේෂ 18 අතරෙන් දකුණු අප්‍රිකානු මුහුදු ප්‍රදේශය් වෙසෙන Spheniscus demersus නමැති අප්‍රිකානු පෙන්ග්වින් පැරැණි ලෝකයේ වෙසෙන එක ම පෙන්ග්වින් විශේෂය වනවා.

නවතම අනාවරණයකින් දැක්වෙන්නේ පාරිසරික වෙනස්වීම් සමඟ මානව ධීවර චර්යාවන්ගේ සාහසික එකමුතු වීම හේතුවෙන් වසර 8 ක කාලයක් තුළ ඔවුන්ගේ සංඛ්‍යාව 95% කින් අඩු වී තිබෙන බවයි.
මෙය ප්‍රධාන වශයෙන් ම සිදු වී තිබෙන්නේ අප්‍රිකානු පෙන්ග්වින්ගේ වැදගත් ම අභිජනන ප්‍රදේශ දෙකක් වන ඩැසන් දූපත සහ රොබෙන් දූපත අවටයි.

අප්‍රිකානු පක්ෂි විද්‍යා සංගමයෙන් ප්‍රකාශයට පත් කෙරෙන Ostrich ජර්නලයේ මෑතකදී පළ කෙරුණු වාර්තාවකට අනුව අප්‍රිකානු පෙන්ග්වින්ගේ ප්‍රියතම ආහාරය ලෙස දකුණු අප්‍රිකානු බටහිර මුහුදු ප්‍රදේශයේ වෙසෙන Sardinops sagax විශේෂයට අයත් සාඩින් මසුන්ගේ සංඛ්‍යාව 2004 වසරේ සිට 2011 දක්වා කාලය තුළ 25% ක් දක්වා අඩු වී තිබෙනවා. මෙයට හේතුව දේශගුණික අර්බුදය මෙන්ම එම මසුන් පමණ ඉක්මවා ධීවර සම්පත් ලෙස අල්ලා ගැනීමයි.

සෑම වසරක ම අප්‍රිකානු පෙන්ග්වින් සිය ගෙවී ගිය පිහාටු වැස්ම ඉවත් කරමින් සිදු කරන සැව හැලීම වෙනුවෙන් දින 21 ක කාලයක් ගොඩබිමෙහි ගත කරනවා. ආහාර නොමැතිව ගෙවා දමන මේ කාලය තුළ ඔවුන්ගේ ප්‍රවර්තනය සඳහා එයට පෙර හොඳින් පෝෂණය වී සිටීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එහෙත් සිය ප්‍රියතම ආහාරය වන සාඩින් මත්ස්‍ය ගහනය විශාල ලෙස අඩු වී තිබීම හේතුවෙන් ඉහත අට වසරක කාලය ඇතුළත අප්‍රිකානු පෙන්ග්වින් 62,000 ක් සාගින්නෙන් මියගොස් ඇති බවයි Ostrich ජර්නල වාර්තාවේ දැක්වෙන්නේ. එම කාලයේ පටන් ඔවුන්ගේ සංඛ්‍යාවෙහි වැඩි වීමක් සිදු වී නොමැති අතර 2024 වසරේදී සිටි අප්‍රිකානු පෙන්ග්වින් අභිජනන ජෝඩු ගණන 10,000 ටත් වඩා අඩු වී තිබෙනවා.
එනිසාම IUCN ආයතනය මඟින් 2024 වසරේ දී අප්‍රිකානු පෙන්ග්වින් නම් කර තිබෙන්නේ දැඩි ලෙස තර්ජනයට ලක් වූ විශේෂයක් (CR) ලෙසයි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications