Home Science News අමුතු හැසිරීමක් සහිත අලුත සොයොගත් දැල්ලන් විශේෂයක්

අමුතු හැසිරීමක් සහිත අලුත සොයොගත් දැල්ලන් විශේෂයක්

by Sathya

මින් පෙර හඳුනාගෙන නො සිටි ගැඹුරු සාගර දැල්ලන් විශේෂයක් ප්‍රථම වතාවට නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඔවුන් ප්‍රකට කරන මින් පෙර නො දුටු ආකාරයේ හැසිරීම් රටායවක් ද වාර්තා කරගන්නට ඔවුන් සමත් ව තිබුණා. එනම්, හිස පහතට සිටින සේ සාගර පත්ලේ වැළලීමේ හැකියාවයි. මෙවැනි හැසිරීමක් ⁣මින් පෙර සෙපලපෝඩාවුන්ගෙන් දක්නට ලැබී නැහැ. ඔවුන් මේ අද්විතීය නිරීක්ෂණට සිදු කර තිබුණේ ගැඹුරු සාගර කැණීම් සඳහා සුදුසු පරිසරයක් වශයෙන් අවධානට යොමු ව ඇති, ක්ලැරියන්-ක්ලිපර්ටන් කලාපය (CCZ) නම් අගාධමය තැනිතලා ප්‍රදේශය අධ්‍යයනයට ලක් කරමින් සිටින මොහොතකයි.

මේ සොයාගැනීම ඉකුත් දා Ecology ජර්නලයේ පළ වූ අතර, පර්යේෂකයන් පවසන්නේ මේ දැල්ලා whiplash squid වි⁣ශේෂයක් විය යුතු බවයි. මෙම දැල්ලන් අඩි 13,450ක් තරම් ගැඹුරිිින් පිහිටි මුහුදු පත්ලේ රොන් මඩ තට්ටුවේ හිස සඟවාගෙන දිගු අඬු දෙක සහ ජලවාහකය ඉහළට ඔසවාගෙන සිටිනු දක්නට හැකි වුණා.

​”මේ හැසිරීම දැල්ලන් සඳහා අලුත් දෙයක් වන අතර, උඩු යටිකුරු වී සිටීමත් අලුත් දෙයක්” බව අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන, ස්කොට්ලන්ත සමුද්‍ර විද්‍යා සංගමයේ ගැඹුරු මුහුදේ පරිසරවේදියෙකු වන අලෙහන්ද්‍රා මෙජියා-සාන්ස් පවසනවා. “අපි කිසිම සෙෆලොපොඩ් සතෙකුගෙන් මෙවැනි දෙයක් දැකලා තිබුණේ නැහැ. එය ඉතා ම අලුත් සහ ඉතා ව්‍යාකූල කරවනසුලු දෙයක් වුණා.”

මඩෙන් ආවරණය වීම සහ වැළලී සිටීම මීට පෙර බූවල්ලන් සහ දැල්ලන් විශේෂයන් තුළ, මෙන්ම නො ගැඹුරු ජලයේ සිටින දැල්ලන් විශේෂයන් තුළ ද දැක තිබෙනවා. කෙසේ වෙතත්, මෙම හැසිරීම් ගැඹුරු මුහුදේ දැල්ලෙකු තුළ මීට පෙර කිසි දිනක වාර්තා වී තිබුණේ නැහැ. එමෙන් ම කිසි දිනක උඩු යටිකුරු ව සිටිනු ද දැක තිබුණේ නැහැ.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications