Home Science News Artemis II ගගනගාමීන් නිරෝධායනයට

Artemis II ගගනගාමීන් නිරෝධායනයට

by Sathya

Artemis II මෙහෙයුමෙන් සඳ වටා යාමට නියමිත ගගනගාමීන් සිව් දෙනා නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. NASA ගගනගාමීන් වන රෙයිඩ් වයිස්මාන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ CSA ගගනගාමී ජෙරමි හැන්සන් මෙලෙස නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර ඇත්තේ මෙහෙයුම දියත් කිරීම සඳහා කාලය ළං ව ඇති බැවින්, යම් හෙයකින් හෝ ඔවුනට රෝගාබාධ වැළඳීම වැළැක්වීමටයි. මෙහෙයුම පමා වීම වැළැක්වීම මෙහි අරමුණයි.

සාමාන්‍යයෙන් මෙහෙයුම දියත් වීමට දින 14නට පෙර නිරෝධායනය ඇරඹෙන අතර, එය හැඳින්වෙන්නේ සෞඛ්‍ය ස්ථායීකරණ අදියර ලෙසයි. රොකට්ටුව සහ Orion අභ්‍යවකාශ යානය පදනම් කරගත් පරීක්ෂාවන් තවමත් සිදුවෙමින් පවතින බැවින්, NASA ආයතනය විසින් මෙතෙක් නිල දියත් කිරීමේ දිනයක් තීරණය කර නැහැ. ‘Wet dress rehearsal’ පරීක්ෂණයේ ප්‍රතිඵල හෝ වෙනත් මෙහෙයුම් අවශ්‍යතා මත පදනම් ව, කාර්ය මණ්ඩලයට නිරෝධායනයෙන් ඉවත් විය හැකි අතර, පසු ව නිවේදනය කෙරෙන ඕනෑ ම දියත් කිරීමේ දිනකට දින 14කට පෙර නැවත නිරෝධායනයට ඇතුළු විය හැකියි.

පරීක්ෂණ සාර්ථකව සිදුවන්නේ නම් සහ ලබන මාසයේ දියත් කිරීමක් සඳහා කටයුතු සූදානම් වන්නේ නම්, ඔවුන් දියත් කිරීමේ දිනයට දින හයකට පමණ පෙර හූස්ටන් සිට ෆ්ලොරිඩාවේ පිහිටි නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පියාසර කරනු ඇති අතර, දියත් කරන දිනය තෙක්, Artemis II කාර්ය මණ්ඩලය නීල් ඒ. ආම්ස්ට්‍රෝන් මෙහෙයුම් සහ පරීක්ෂා කිරීමේ ගොඩනැගිල්ල තුළ පිහිටි ගගනගාමී නිල නිවාසවල රැඳී සිටිනු ඇති.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications