Features Health පළමුවෙනි බදාදා SathyaMay 3, 20230624 views විද්‍යාව ටීච පන්තිය පැත්තට ඇවිදගෙන ගියා. ඉන්ටවල් බෙල් එක ගහල තිබ්බත් තවම ළමයින්ගේ සද්දෙ නම් අඩුවෙලා තිබ්බෙ නෑ.පන්තියට ලං වෙනකොටම ටීචට අමුතු සංවාදයක් ඇහුණ නිසා ටීච පන්තියේ ඇතුලට යන්නෙ නැතුව ටිකක් වෙලා බලාගෙන හිටියා.ඒයි ඔය මොකද්ද ?ඇයි පේන්නෙ නැද්ද ? මේ බැලුමක්මම නං මීට කලින් ඔය වගේ දිගම දිග බැලුම් දැකල නෑ. හොඳටම ශුවර් ද ඕක බැලුමක් කියලා ?ඔව් මේ පේන්නෙ නැද්ද ?හරි ඔයාට කොහෙන්ද ඕක ?ගෙදර තිබුනෙ. මෙන්න මේ පැකට් එකක දාල. තව දෙක තුනක් තිබ්බා. මම එකයි අරගෙන ආවෙ.කතාව දුර දිග යන නිසා ටීච එහෙමම පන්තිය ඇතුලට ගියා.ටීච ටීච සමන් ට ගෙදර තිබිල අමුතු බැලුමක් හම්බ වෙලා.බැලුමක් ?ඔව් ටීචර්. අර තියෙන්නේ.ආ සමන් ඔයා ඕක ගෙදරින් ද ගෙනාවේ.ඔව් ටීචර්.ටීච… ඇත්තටම ඒක බැලුමක් ද ?හ්ම්ම්.ඇත්තටම ඒක බැලුමක් වගේ පෙනුනට බැලුමක් නෙවෙයි. ඒක වැඩිහිටියො පාවිච්චි කරන දෙයක්.මොකටද ටීචර් ඒක පාවිච්චි කරන්නේ ?හ්ම්ම්.. ඒක මෙහෙම එක පාරටම පැහැදිලි කරන්න අමාරුයි.. ඒක පාවිච්චි කරන්නේ මොකටද කියලා දැනගන්න නම් ඊට කලින් ඔයාලා තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන.ඉතින් ටීචර් ට බැරි ද කියලා දෙන්න.පුළුවන්. ඒත් ඉස්කෝලෙ වෙලාවෙ වෙන දේවල් කියලා දෙන්න වෙලාව නෑ නෙ.හරි හැම බදාදා ම ඉස්කෝලෙ ඇරිලා පැයක් අපි මේ ගැන ඉගෙන ගමු. විද්‍යාව අමතර පන්තියක් හැටියට.ඔයාලා ඕන කරන හැම දෙයක් ම ඉගෙනගත්තට පස්සෙ මම ඔයාලට කියාවා ඔය බැලුම මොකද්ද කියලා. හැබැයි එතකල් ඒ ගන අහන්න බෑ. තේරුණාද ?ඔව් ටීචර්බය වෙන්න එපා. වාර විභාගෙට අපි ඒ ඉගෙන ගන්න දේවල් වලින් ප්‍රශ්න අහන්නේ නෑ.කට්ටිය කැමති ද ?හරි අපි කැමතියි.එහෙනං ලබන බදාදා හවස ඉස්කෝලෙ ඇරිලා හැමෝම නවතින්න.ටීච එදාට මේ බැලුමත් අරගෙන එන්න ඕනෙද ?නෑ නෑ ඒක ඕනෙ නෑ.පළවෙනි බදාදාහරි හැමෝම ඇවිල්ලා නං අපිට පුළුවං අපේ පන්තිය පටන් ගන්න.හරි ටීචර්.දැන් මෙහෙමයි. මේ ලෝකෙ ඉන්න හැම සතෙක් ම, මිනිස්සුත් එක්ක, ඉපදිලා ජීවත් වෙලා මැරිලා යනවා.අපි හැමෝම එහෙමයි. ඒ අතරේ අපි කනවා බොනවා, ලෙඩ වෙනවා, බෙහෙත් ගන්නවා ඔය වගේ ගොඩක් දේවල් කරනවා. හැබැයි මේ ලෝකෙ ඉන්න හැම සතෙක් ම අපි මේ කියපු දේවල් වලට අමතරව තව හරිම වැදගත් දෙයක් කරනවා.මොකද්ද ටීචර් ඒ..ඒ තමයි තම වර්ගයා බෝ කරන එක. ඒ කියන්නේ පැටවු හදන එක. සමහර සත්තු කෙලින්ම පැටවු හදනවා. ඔයාලා දැකලා ඇති ඔයාලාගේ ගෙවල් වල ඉන්න බල්ලෝ, පූසො පැටවු දාලා තියෙන හැටි.ඔව් ටීචර්. ගිය සතියේ අපේ පූසි පැටවු හතර දෙනෙක් දැම්මා. මම ටීචර් ට පැටියෙක් ගෙනත් දෙන්නද?සමහර සත්තු බිත්තර දාලා ඒ බිත්තර වලින් පැටවු එනවා. කුරුල්ලෝ, හූනෝ, කටුස්සෝ වගේ උරගයෝ කරන්නේ බිත්තර දාන එක. බිත්තර වලින් තමයි පැටවු එන්නේ.ඉතින් ටීචර්?ඉතින් බැරිවෙලාවත් කවුරු හරි සත්තු ජාතියක් පැටවු හැදුවේ නැත්නම් මොකද වෙන්නේ?ඉන්න සත්තු ටික මැරිලා ගියාම ඒ සත්තු ජාතිය මේ ලෝකෙන් නැති වෙලා යනවා.දැන් බලන්න, ඔයාලගේ සීයයි ආච්ච්යි ඔයාලගේ තාත්තාව හැදුවා. ඔයාලගේ අම්මයි තාත්තයි ඔයාලව හැදුවා. අන්න ඒ නිසා තමයි හැම සතෙක් වගේම මිනිස්සුත් මේ ලෝකෙ දිගටම ඉන්නෙ. එහෙම නැති වුනොත් මේ ඉන්න මිනිස්සු ටික මැරිලා ගියාම මේ ලෝකෙ මිනිස්සු නැති වෙලා යයි.තේරුනාද ?ඔව් ටීචර්.එහෙනම් අදට ඔය ඇති. වෛද්‍ය නුවන් තොටවත්ත MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)