Home Science News අභ්‍යවකාශයේ නව වසරක් උදාවෙයි

අභ්‍යවකාශයේ නව වසරක් උදාවෙයි

by Sathya

මේ පින්තූරයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 68 වෙනි ගවේෂණ කණ්ඩායමට අයත් අභ්‍යවකාශගාමීන් සත් දෙනාගෙන් සිව් දෙනෙක් උදා වූ 2023 නව වසරට සූදානම් වූ අන්දමයි.

එහි අනුපිළිවෙළින් ජොෂ් කැසාඩා, නිකොලේ මාන්, ෆ්‍රෑන්ක් රුබියෝ යන NASA අභ්‍යවකාශගාමීන් හා ජපාන ගුවන් අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ අභ්‍යවකාශගාමී කොයිචි වකාටා ඇතුළත් වෙනවා.

“ගෙදර දී වගේ ම අපේ සම්ප්‍රදායක් තිබෙනවා නව අවුරුද්ද සැමරීමට නව අවුරුදු ගසක් තනන්න. ශුන්‍ය ගුරුත්ව තත්වයන් යටතේ එය කරන හැටි අපි ඔබට පෙන්වන්නම්.”

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථනයේ දැනට සිටින රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශගාමීන් තිදෙනගෙන් එක් අයෙකු වන සර්ජීයි ප්‍රොකොප්‍‍‍යෙව් පසුගිය දෙසැම්බර් 29 වෙනි බ්‍රහස්පතින්දා දින වීඩියෝ පණිවුඩයකින් පැවසුවා.

ඔහුට අමතරව අනෙක් රුසියානු අභ්‍යවකාශගාමීන් දෙදෙන වන දිමිත්‍රි පෙටෙලින් සහ ඇනා කිකිනා කුඩා සැරසිලි කීපයක් සවි කර තම කුටිය තුළ කරනම් කීපයක් ගසා පෙන්නුවා.

ඔවුන් තිදෙන සිටියේ ස්ලෝවොනික් බසින් “නව වසර ” යන්න විචිත්‍රවත් අයුරින් සරසා සටහන් කළ වර්ණවත් බැනරයකට යටින්.

ඔවුන් තිදෙනගේ ප්‍රීතිඝෝෂාව කක්ෂගතව ඇති මධ්‍යස්ථානයේ එක්සත් ජනපද පාර්ශ්වය වෙතට ද පැතිරී ගියා.

පසුගිය සතියේ නිකුත් කළ NASA වීඩියෝවකින් ජපාන අභ්‍යවකාශගාමී කොයිචි වකාටා ජපානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයූ ISS Kibo මොඩියුලය තුළ සිට 2023 වසරේ පළමු කක්ෂගත හිරු උදාව ඡායාරූපගත කරන බවට පොරොන්දු වුණා.

එහෙත් මේ කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ නිහඬ ව සිටි ඇමරිකානු අභ්‍යවකාශගාමීන් තිදෙන දැක්වෙන ඡයාරූප කිහිපයක් NASA ආයතනය මගින් Flickr ඔස්සේ නිකුත් කර තිබෙනවා.

Space.com, TASS රුසියානු පුවත් ඒජන්සිය සහ NASA Johnson / Flicker ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications