Science News එකිනෙක ගැටීමට නියමිත චක්‍රාවාට තුනක් හබල් දුරේක්ෂයේ නෙතට හසුවෙයි SathyaFebruary 22, 20230481 views A spectacular trio of merging galaxies in the constellation Boötes takes centre stage in this image from the NASA/ESA Hubble Space Telescope. These three galaxies are set on a collision course and will eventually merge into a single larger galaxy, distorting one another’s spiral structure through mutual gravitational interaction in the process. An unrelated foreground galaxy appears to float serenely alongside the collision, and the smudged shapes of much more distant galaxies are visible in the background. This colliding trio — known to astronomers as SDSSCGB 10189 — is a relatively rare combination of three large star-forming galaxies lying within only 50 000 light-years of one another. While that might sound like a safe distance, for galaxies this makes them extremely close neighbours! Our own galactic neighbours are much further away; Andromeda, the nearest large galaxy to the Milky Way, is more than 2.5 million light-years away from Earth. This observation was designed to help astronomers understand the origin of the largest, most massive galaxies in the universe. These galactic behemoths are called Brightest Cluster Galaxies (BCGs) and — as the name suggests — are defined as the brightest galaxies in any given galaxy cluster. Astronomers suspect that BCGs form through the merger of large, gas-rich galaxies like the ones in this image. They turned to Hubble’s Wide Field Camera 3 and Advanced Camera for Surveys to investigate this galactic trio in painstaking detail, hoping to shed light on the formation of the Universe’s most massive galaxies. [Image description: Three galaxies stand together just right of centre. They are close enough that they appear to be merging into one. Their shapes are distorted, with strands of gas and dust running between them. Each is emitting a lot of light. Further to the left is an unconnected, dimmer spiral galaxy. The background is dark, with a few smaller, dim and faint galaxies and a couple of stars.] ඉහත ඔබට පෙනෙන ඡායාරූපය ඊයේ පෙබරවාරි 20 වැනි දින @Spacedotcom මඟින් ට්විටර් පණිවුඩයක් ලෙස දක්වා තිබෙනවා. එඬේරා හෙවත් Bootes තාරකා මණ්ඩලය තුළින් පෙනෙන චක්‍රාවාට තුනක් ඇතුළත් මේ ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ හබල් අභ්‍යවකාශ දූරේක්ෂය ම්‍රගිනුයි. මේ නවතම විස්මිත ඡායාරූපයට අනුව චක්‍රාවාට ත්‍රිත්වයක් මහා ගැටුමකට අවතීර්ණ වෙමින් පවතිනවා. SDSSCGB 10189 ලෙස නම් කර තිබෙන මේ චක්‍රාවාට ත්‍රිත්වය එකිනෙක ගැටීමෙන් අනතුරුව ඒවා අතර හට ගන්නා ගුරුත්වාකර්ෂණ අන්තර් ක්‍රියා හේතුවෙන් ඒවායේ දැනට පවතින සර්පිලාකාර ව්‍යුහය නැති ව යනු ඇතැයි විශ්වාස කරනවා. චක්‍රාවාට තුන එකිනෙක ගැටීමෙන් තනි විශාල චක්‍රාවාටයක් බිහි වීමට නියමිත ව තිබෙනවා. සාමාන්‍යයෙන් චක්‍රාවාට අතර ගැටුම් දුලබ නොවුණ ද, මේ චක්‍රාවාට තුනේ ගැටුම දුර්ලභ සිදුවීමක් වනු ඇත්තේ ඒ එක එකක් මේ වන විටත් නව තාරකා බිහි කරමින් පවතින තිඹිරි ගෙවල් ලෙස ක්‍රියා කරන නිසයි. චක්‍රාවාට තුන ම විශාල ආලෝක ප්‍රමාණයක් විමෝචනය කරමින් පවතිනවා. SDSSCGB 10189 චක්‍රාවාට ත්‍රිත්වයේ එක එකක් අතර පරතරය ආලෝක වර්ෂ 50,000ක් පමණ වනවා. ගැටුමක අනතුරක් ඇති වීමට තරම් නො වන විශාල දුරක් ලෙස පෙනුණ ද, විශ්වීය දුර ප්‍රමාණ හමුවේ සැබවින් ම එය ඉතා සමීප දුරක් ලෙසයි සැලකෙන්නේ. හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් මේ නවතම ඡායාරූපය විශ්වයේ විශාල ම හා ස්කන්ධයෙන් අධික ම චක්‍රාවාටවල සම්භවය පිළිබඳ ගවේෂණයක කොටසක් වනු ඇති. තාරකා විද්‍යාඥයින් එවැනි චක්‍රාවාට නම් කර තිබෙන්නේ “දීප්තිමත් ම පොකුරු චක්‍රාවාට” යනුවෙනුයි. (Brightest Cluster Galaxies – BCG) මෙවැනි BCG චක්‍රාවාටයන් බිහි වන්නේ විශාල චක්‍රාවාටයක් මඟින් කුඩා චක්‍රාවාටයක් ගිල දැමීමෙන් හෝ මේ චක්‍රාවාට ත්‍රිත්වය වැනි වායු බහුල චක්‍රාවාට අතර සිදුවන ගැටුම් නිසයි. වසර බිලියන 13.8ක විශ්වයේ ඉතිහාසය තුළ මේ BCG චක්‍රාවාට බිහි වූ කාලය පිළිබඳව විද්‍යාඥයින් අතර මතභේද පවතිනවා. සමහර තාරකා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඒවා විශ්වයේ වයසෙන් 19% ක් තරම් වන එහි මුල් ම අවධියක බිහි වී ඇති බවයි. අනෙක් තාරකා විද්‍යාඥයින්ට අනුව ඒවා තවමත් බිහි වෙමින් හා පරිණාමය වෙමින් පවතිනවා. SDSSCGB 10189 චක්‍රාවාට ත්‍රිත්වයේ අනාගත ගැටුම ආධාරයෙන් BCG චක්‍රාවාටයක සම්භවය සිදුවන අන්දම පිළිබඳ නව දැක්මක් ලබා දෙනු නො අනුමානයි. Space.com ඇසුරෙනි. ප්‍රේමශාන්ත කුමාරසිරි