Science News වාර්තාගත පැරණිතම සුපර්නොවා පිපුරුමේ අවශේෂ හමුවෙයි SathyaMarch 3, 2023083 views The tattered shell of the first-ever recorded supernova was captured by the US Department of Energy-fabricated Dark Energy Camera, which is mounted on the National Science Foundation’s (NSF) Víctor M. Blanco 4-meter Telescope at Cerro Tololo Inter-American Observatory in Chile, a Program of NSF’s NOIRLab. A ring of glowing debris is all that remains of a white dwarf star that exploded more than 1800 years ago when it was recorded by Chinese astronomers as a ‘guest star’. This special image, which covers an impressive 45 arcminutes on the sky, gives a rare view of the entirety of this supernova remnant. චිලී ජනරජයට අයත් Cerro Tololo අන්තර් ඇමරිකානු නිරීක්ෂණාගාරයේ පිහිටි Victor M.Blanco මීටර් 4 දුරේක්ෂයේ Dark Energy Camera එකෙන් ලබාගත් අපූර්වතම ඡායාරූපයක් NSF NOIRLab මඟින් පසුගිය මාර්තු 1 වැනි බදාදා නිකුත් කරනු ලැබුවා. අඳුරු පදාර්ථ අධ්‍යයනය පිණිස සැලසුම් කර ඇති ඉහත කැමරාවට මෙතෙක් වාර්තාගත පැරණි ම සුපර්නෝවා පිපිරීමේ අවශේෂයන් එම ඡායාරූපය තුළින් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. අදින් වසර 1800 කටත් වඩා ඉහත ක්‍රිස්තු වර්ෂ 185 වසරේ මේ සුපර්නෝවා පිපිරීම සිදු වී තිබෙන්නේ අපේ සූර්යයාගේ සමීප ම තාරීය සොහොයුරන් වන ඇල්ෆා සෙන්චූරි ත්‍රිත්ව තාරකා පද්ධතිය දිශාවෙනුයි. SN 185 නමින් දැන් හඳුන්වනු ලබන මේ සුපර්නෝවා පිපිරීම චීන තාරකා විද්‍යඥයින් විසින් “ආගන්තුක තරුවක්” ලෙස හඳුන්වා ඇති බව Book of Later Han නම් චීන ඉතිහාස ග්‍රන්ථයේ දැක්වෙනවා. එහි සඳහන් වන්නේ මේ ආගන්තුක තරුව ක්‍රිස්තු වර්ෂ185 වසරේ දෙසැම්බර් මස 7 වැනි දින පහළ වුණු බවයි. සුපර්නෝවා පිපිරීමේ ප්‍රතිඵලයක් ලෙස දිස් වූ මේ ආගන්තුක තරුව මාස 8ක කාලයක් යන තුරු රාත්‍රි අහසේ දැක ගැනීමට හැකි ව තිබෙනවා. මෙහි දැක්වෙන අලුත් ම ඡායාරූපයට අනුව දකුණු අහසේ Centaurus (නරතුරඟා) සහ Circinus (කවකටුව) යන තාරකා මණ්ඩල දෙක අතරින් පුර හඳේ පෙනෙන ප්‍රමාණයටත් වඩා විශාල පෙදෙසක විසිරී ගිය වායු හා දූවිලි වලාවන් දැකිය හැකි වෙනවා. තාරකා විද්‍යාඥයින් සොයාගෙන ඇති පරිදි මේ සුපර්නෝවා පිපිරීම සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 8,000 කටත් වඩා ඈතින්. සුපර්නෝවා පිපිරීමෙන් ඉතිරි ව තිබෙන වායු වලාව ආලෝක වර්ෂ 100 ක් පමණ පුළුල් ව පැතිරී ඇති අතර එය RCW 86 විමෝචන නීහාරිකාව නමින් හඳුන්වනු ලබනවා. SN 185 සුපර්නෝවා පිපිරීම Ia සුපර්නෝවා වර්ගයට අයත් වන අතර ඒවා අති මහත් ආලෝක ප්‍රමාණයක් පිට කරන බැවින් දුරදක්න නොමැති අතීතයේ පවා පියවි ඇසින් දැකගත හැකි ව තිබෙනවා. Space.com ඇසුරෙනි. ප්‍රේමශාන්ත කුමාරසිරි