නව හූනන් විශේෂ දෙකක් හඳුනාගැනේ

වියළි කලාපයට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ඇතාගල වනාන්තරයෙන් සහ අතරමැදි කලාපයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගිරිය වනාන්තරයෙන් අලුත් දිවාසැරි හූනන් දෙදෙනෙකු (Cnemaspis ඝනයට අයත්) මෑතක දී හදුනාගෙන තිබෙනවා. 

ඇතාගල වනාන්තරය තුළ ජයවීරගේ දිවාසැරි හුනා ද, ගල්ගිරිය වනාන්තරය තුළ දැකිය හැකි නානායක්කාරගේ දිවාසැරි හුනා ද නිරීක්ෂණය කොට තිබෙනවා.

මෙම විශේෂ දෙක මෙම හුදකලා කදුකර වනාන්තර දෙකට පමණක් සීමා වී තිබීම විශේෂ කරුණක්. අද වනවිට  මොවුන්ගේ ගහන ඝනත්වය පවතින්නේ ඉතා අඩු මට්ටමකයි. එමෙන්ම පැතිරීම ද සීමා සහිත වී ඇති නිසා මොවුන් දැඩි ලෙස තර්ජනයට ලක් වූ විශේෂ දෙකක් වශයෙන් පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා.

Related posts

ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි

ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ

අභ්‍යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි