Home Science News Ichthyosaur හිතුවාට වඩා පරණයි

Ichthyosaur හිතුවාට වඩා පරණයි

by Sathya

ආක්ටික් අර්ධගෝලයේ නෝර්වේ රාජ්‍යයටත්, උත්තර ධ්‍රැවයටත් අතර මැදින් පිහිටන ස්පිට්ස්බර්ගන් (Spitsbergen) දූපතින් Ichthyosaur නමින් හැඳින්වෙන පුරාතන උරග විශේෂයට අයත් ඇටකටු හමු වී තිබෙනවා. එමඟින් ඒත්තු යන්නේ මෙතෙක් මිනිසා සිතා සිටියාටත් වඩා පැරණි අවධියක සිට ඔවුන් පැවත එන්නට ඇති බවයි.

වසර මිලියන 250කට ඉහත ඉතිහාසයකට උරුමකම් කියන පරිදි කාබන් දින නිර්ණය වී ඇති මේවා Ichthyosaur පිළිබඳ මෙතෙක් හමු වී ඇති පැරණිතම සාධකය ද වනවා. ඔවුන් මෙලොව පහළ වූයේ යැයි අප සිතා සිටි සමය වන විටත් ඔවුන් හොඳින් සාගරයට හැඩ ගැසී, සුවිසල් සිරුරු දරමින් ජීවත් ව සිට ඇති බව දැන් සනාථ වනවා.

මේ අනුව අප මෙතෙක් පිළිගත් Ichthyosaursලාගේ කාල රාමුව අලුත් කරන්නට සිදු වී තිබෙනවා. ඩයිනෝසෝරයින් මිහිපිටින් අතුගා දමන්නට සමත් වසර මිලියන 251.9කට පෙර සිදු වූ ග්‍රහක ඝට්ටනයේ අතුරු ඵලයක් ලෙස පසු කාලීන ව මොවුන් බිහිවන්නට ඇති බවයි මේ වන විට සැලකෙන්නේ. නමුත් මේ සොයා ගැනීමත් සමග ඒ මතය සම්පූර්ණයෙන් ම බැහැර කරන්නට සිදු වනවා. ඝට්ටනයට පසු පරිණාමය වූ විශේෂයක් ලෙස නොව ඝට්ටනයෙන් ගැල වී දිවි රැකගන්නට සමත් වූ ජීව විශේෂයක් බවට එමඟින් මොවුන් පත් වනවා.

“සාගරයේ සැරිසරපු මේ උරගයා, පරිසර පද්ධතියේ සිදු වූ විපර්යාසයන් නිසා පරිණාමය වූ පූර්ව මෙසෝසොයික යුගයේ සිටි සාගර විලෝපිකයන්ගේ අනුගාමිකයෙක් නොවෙයි. ඔවුන් මහා වඳවීයාමෙන් දිවි ගලවාගන්නට සමත් වූ සත්ත්ව කොට්ටාශයක් ලෙස හැඳින්විය හැකියි.” එසේ පවසන්නේ ස්වීඩනයේ උප්සාලා (Uppsala) සරසවියේ පාෂාණධාතුවේදී බෙන්ජමින් කියර් සහ ඔහුගේ කණ්ඩායමයි.

Science Alert ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications