Science News විශ්වයේ පැරණිතම තාරකාවල ශේෂයන් සොයා ගැනෙයි SathyaMay 11, 2023044 views This artist’s impression shows a distant gas cloud that contains different chemical elements, illustrated here with schematic representations of various atoms. Using ESO’s Very Large Telescope, astronomers have detected three distant gas clouds whose chemical composition matches what we expect from the explosions of the first stars that appeared in the Universe. These early stars can be studied indirectly by analysing the chemical elements they dispersed into the surrounding environment after they died in supernova explosions. The three distant gas clouds detected in this study are rich in carbon, oxygen, and magnesium, but poor in iron. This is exactly the signature expected from the explosions of the first stars. විශ්වයේ මුලින් ම බිහි වූ තාරකා සමහරක ශේෂයන් විද්‍යාඥයින් විසින් මෑතක දී සොයාගෙන තිබෙනවා.ඒ අනුව ආලෝක වර්ෂ බිලියන 13කටත් වඩා දුරින් පිහිටි වායු වලාවක් විශ්වයේ පැරණිතම තාරකා සමහරෙක නවාතැන විය හැකියි.එනිසා ම වසර බිලියන 13කටත් වඩා වයසැති මේ ඈත වස්තුන්ගේ රසායනික අනන්‍යතාවයන් අපේ සූර්යයා වැනි තාරකාවලට වඩා බෙහෙවින් වෙනස් වෙනවා. ඉතාලියේ ෆ්ලොරන්ස් සරසවියේ තාරකා භෞතික විද්‍යාව සහ විශ්වවේදය පිළිබඳ සහාය මහාචාර්යවරියක වන ස්ටෙෆානියා සැල්වදෝරි සම කතුවරියක ලෙස දායක වූ මේ පිළිබඳ පර්යේෂණ වාර්තාව පළ කර තිබෙන්නේ පසුගිය මැයි 3 වැනි දින The Astrophysical Journal ජර්නලයේයි. විශ්වයේ ආරම්භක සමයේ දී එහි පැවතුණේ හයිඩ්‍රජන් සහ හීලියම් වැනි සරල මූලද්‍රව්‍යයන්.මුල් ම තාරකා දැල්වුණේ මේ මූලද්‍රව්‍ය වලින් පමණයි. එහෙත් කාලයත් සමග ඒවායේ ශ්වේත තප්ත හරයන් ක්‍රමයෙන් මේ සරල පරමාණුවලින් වඩා බරැති කාබන්, ඔක්සිජන්, මැග්නීසියම් සහ අවසානයේ ලෝහ පරමාණු තැනීම අරඹා තිබෙනවා.පසු පරම්පරාවල තාරකාවන් මේ බරැති පරමාණු වලින් සමන්විත වායු වලාවන්ගෙන් බිහි වුණු අතර අද වන විට විද්‍යාඥයින් දකින තරු බොහොමයක් ම යකඩ වැනි ලෝහවලින් පොහොසත් වෙනවා.නිදසුනක් ලෙස අපේ හිරු 98% ක් ම හයිඩ්‍රජන් සහ හීලියම්වලින් යුක්ත වන නමුත් ඉතිරිය යකඩ, නියොන් සහ කාබන් වැනි බරැති මූලද්‍රව්‍යවලින් සමන්විතයි. යුරෝපීය දකුණු නිරීක්ෂණාගාරයේ Very Large Telescope දුරේක්ෂය තුළින් සැල්වදෝරි සහ ඇගේ කණ්ඩායම තාරකා බිහිවන වායු වලාවන් තුනකට එබී බැලීමට සමත් වුණා.මේ වායු වලාවන් ඒවායේ රහස් බොහොමයක් විද්‍යාඥයින්ට හෙළි නො කළත් ආසන්නයේ තිබූ ක්වේසාරයන් ගෙන් එන ආලෝකය එම වායු වලාවන්ගේ සැඟවුණු රහස් අනාවරණයට උදව් වී තිබෙනවා.වායු වලාවන්වලින් අවශෝෂණය කළ ආලෝකයේ තරංග ආයාමයන් පදනම් කරගෙන ඒවායේ ඇති තාරීය ශේෂයන්ගේ අඩංගු මූලද්‍රව්‍ය කවරේ දැ යි නිශ්චය කර තිබෙනවා. ස්ථිර ව ම වායු වලාවන් යකඩ හා අනෙකුත් ලෝහ මූලද්‍රව්‍යවලින් අතිශයින් ම විරල වන නමුත් කාබන්, ඔක්සිජන් සහ මැග්නීසියම්වලින් පොහොසත් බව සොයා ගැනුණා. ඒවා නිසැකයෙන් ම මුල් තාරකාවල ඉන්ධන අවසන් වීමෙන් අනතුරුව පුපුරා යාමෙන් ඉතිරි වුණු ශේෂයන් බව මේ පර්යේෂකයන් සඳහන් කරනවා. “අපේ සොයාගැනීම මුල් තාරකාවල ස්වභාවය අනියම් ලෙස අධ්‍යයනය කිරීම සඳහා නව මාවත් විවර කරනවා.” සැල්වදෝරි එසේ පවසනවා. Live Science සහ ESO Science Release ඇසුරෙනි. ප්‍රේමශාන්ත කුමාරසිරි