හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතට

හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතටpewell Townshipවල පිහිටි නිවසක් තුළට පසුගිය මැයි 8 වැනි සඳුදා දින රාත්‍රියේ උල්කාශ්මයක් පතිත වී තිබෙනවා.

ඕවලාකාර හැඩයක් ඇති සෙන්ටිමීටර් 10 × 15 (අඟල් 4 × 6 ) ප්‍රමාණයේ විශාලත්වයක් ඇති එය සුසි කොප් නම් කාන්තාවගේ නිවසේ පිහිටි ඇගේ පියාගේ නිදන කාමරය තුළටයි කඩා වැදී තිබෙන්නේ.

උල්කාශ්මය සීලිම සිදුරු කරමින් කාමරයේ ගෙබිම වැදුණු වේගයට එය පොළා පැනීමෙන් ඉක්බිති ඉහළ ගොස් නැවත සීලිමේ වැදී තවත් සිදුරක් ඇති කරමින් බිම වැටී එහි කෙළවරක රැඳී තිබෙනවා.

ගැටුමෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැහැ.

සුසී කෝප් මුලින් ම සිතා ඇත්තේ එය කිසිවෙකු විසි නිවස වෙත දමා ගැසූ ගල් කැබැල්ලක් ලෙසයි.

“කිසිවෙක් වීසි කළ ගලක් කියා සිතාගෙන මම එය ඇල්ලුවා. එය රත් වී තිබුණා. “

ඇගේ පියා එසේ පවසනවා.

සැබවින් ම එය උල්කාශ්ම කැබැල්ලක් විය හැකි යයි සැක කරන්නේ වාර්ෂිකව කුම්භ රාශියෙන් ඇතිවන ඊටා ඇක්වරිඩ් උල්කා වර්ෂාව ඉහළ ම අගයකට වැඩි වන්නේ මැයි මස 5 සහ 6 දෙදින වන නිසයි.

හැලී ගේ ධූමකේතුවේ කක්ෂය පසුකරමින් අපේ පෘථිවිය මේ කාලය තුළ සිය පරිභ්‍රමණයේ යෙදීම නිසා එහි ගුරුත්වාකර්ෂණයට හසුවන ධූමකේතු කැබලි අපේ වායුගෝලයට කඩා වැදීම නිසයි මේ උල්කා වර්ෂාව ඇති වන්නේ.

මේ පාෂාණ කැබැල්ලේ ප්‍රභවය පිළිබඳව දැනට පර්යේෂණ කෙරීගෙන යන අතර ඒ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජනපදයේ පිලඩෙල්පියාහි ෆ්‍රෑන්ක්ලින් ආයතනයේ ප්‍රධාන තාරකා විද්‍යාඥයා වන ඩෙරික් පිට්ස් CBS News ජාලයට පවසා ඇත්තේ යම් හෙයකින් මෙය හැලීගේ ධූමකේතුවේ කැබැල්ලක් නම් එය වසර බිලියන 4 ත්, 5 ත් අතර කාලයක් පැරණි වස්තුවක් බවයි.

Space.com සහ Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Related posts

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි