Home Science News තව පැය කිහිපයකින් පෘථිවිය පසුකර යන 2013 WV44

තව පැය කිහිපයකින් පෘථිවිය පසුකර යන 2013 WV44

by Sathya

මීටර 160ක විශ්කම්භයකින් යුතු ග්‍රහකයක් අද දිනයේ දී පෘථිවිය පසු කර යාමට නියමිතයි. 2013 WV44 ලෙස නම් කර ඇති එය පෘථිවියේ සිය කිලෝමීටර මිලියන 3.3ක දුරකින් ප්‍රථිවිය පසු කර යනු ඇති බවයි NASA ආයතනය සඳහන් කරන්නේ. අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ සලකන විට දී එය සාපේක්ෂ ව අඩු දුර ප්‍රමාණයක් වුවත් ඉන් පෘථිවියට කිසිඳු තර්ජනයක් එල්ල වන්නේ නැහැ.

ග්‍රහකය මුල් වරට නිරීක්ෂණය කරනු ලැබුණේ 2013 වසරේ දී යි. එවිට එය තත්පරයට කිලෝමීටර 11.8ක වේගයකින් ගමන් කරමින් තිබුණා. එනම් ශබ්දයේ වේගය මෙන් 34 ගුණයක වේගයක් එය සතු වුණා.

අද දින (28) ශ්‍රී ජයවර්ධනපුර වේලාවෙන් ප.ව. 1:30ට එය පෘථිවියට සමීපතම පිහිටුමට පැමිණීමට නියමිතයි. ඒ පැයට කිලෝමීටර 39,600ක වේගයකින්.

2013 WV44 ග්‍රහකය පෘථිවිය පසු කර යන පළමු අවස්ථාව මෙය නොවෙයි. මුල් වතාවට හඳුනාගනු ලැබූ 2013 වසරේ හා 2018 වසරේ දී ද එය පෘථිවියට සමීපයෙන් ගමන් කළා. නමුත් ඒ මෙවර තරම් සමීපයෙන් නොවෙයි. අදින් පසු එය නැවත වතාවක් අප පසු කර යනු ඇත්තේ තවත් වසර පහකින්. නමුත් එය ද සිදු වනු ඇත්තේ මෙතරම් සමීපයෙන් නොවෙයි.

Independent ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications