ඇමරිකා එක්සත් ජනපදයේ බල්ටිමෝර්හි පිහිටි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව ප්‍රධානියා (provost) ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය රේ ජයවර්ධන පත් වී තිබෙනවා. ඔහු එම ධූරයට පත් 16 වැන්නායි. තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන් ම අධ්‍යාපනඥයෙකු ද වූ ඔහු මේ වන තෙක් කටයුතු කළේ කොර්නල් විශ්වවිද්‍යාලයේ College of Arts and Sciences හි පීඨාධිපතිවරයා ලෙසයි. නව තනතුරේ ඉදිරි වසර පහක ධූර කාලය ඇරඹෙන්නට නියමිත ව ඇත්තේ ලබන ඔක්තෝම්බර් මස 15 දා යි.
ශ්‍රී ලංකාවේ උපත ලබා ඇත් රේ, නුගේගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වූ ඔහු 1994 දී යේල් සරසවියෙන් විද්‍යාවේදී උපාධිය ලබාගන්නා අතර 2000 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගන්නවා.
2014 දී ඔහු යේල් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරයට පත් වූ අතර කොර්නල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා කොලීජියේ පීඨාධිපතිවරයා ලෙස පත්වන්නේ 2018 වසරේ දී යි. බාහිර් ග්‍රහලෝක, වාමන තාරකා සහ ග්‍රහ මණ්ඩලවල හටගැන්ම පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු ඒ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන් ගණනාවක ද නො මැකෙන සටහන් තබා තිබෙනවා.
Johns Hopkins University වෙබ් අඩවිය ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්