වසර මිලියන 150ට පෙර මුහුදේ සැරි සැරූ යෝධ මුහුදු රකුසා

වසර මිලියන 150 කට පමණ පෙර මුහුදේ සැරිසැරූ යෝධ මුහුදු රකුසාගේ හිස් කබල එංගලන්ත වෙරළ තීරයෙන් සොයා ගෙන තිබෙනවා.

එංගලන්තයේ Dorset’s Jurassic Coast ප්‍රදේශයෙන් හමු වූ මෙම ප්‍රබල පොසිලය අඩි හතකට ආසන්න දිගකින් යුක්ත වන අතර එය ප්ලියෝසෝර් ලෙස හඳුන්වන සමුද්‍ර උරගයෙකුට අයත් වනවා.මෙම ඉපැරණි ප්ලියෝසෝරයා හට අධික වේගයෙන් සාගරයේ සැරිසැරීමට සහ එක් ප්‍රහාරයකින් තම ගොදුර මරා දැමීමට හැකියාව තිබෙනවා.

මෙම ප්ලියෝසෝරයාගේ හිස් කබල දිගන් යුක්ත වන අතර තියුණු දත් 130ක් පමණ තිබෙනවා. සෑම දතකට ම තම ගොදුරේ මස් සිදුරු කිරීමට සහ වේගවත් දෙවන ප්‍රහාරයකට සූදානම් වීමට පිටුපස සියුම් දත් පිහිටා තිබෙනවා. මෙම ජීවීන් අඩි 32-39 ක් පමණ දිගකින් යුක්ත වන අතර බලවත් flipper වැනි අත් පා හතරකින් ඉක්මනින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව පිහිටා තිබී තිබෙනවා.

පොසිල කැණීම් පුරාවිද්‍යාඥයකු වන ක්‍රිස් මුවර් සහ ඔහුගේ සඟයන් මෙම පොසිලය පිළිබඳව විස්තර කරනුයේ ඔවුන් මෙතෙක් සොයාගත් විශාලතම පොසිලය මෙය වන බවයි.

Daily Mail ඇසුරෙනි.

සමින්ද රන්දික

Related posts

සූර්යයාගේ මතුපිට දැක්වෙන මෙතෙක් ලබාගත් සුපැහැදිලි ම ඡායාරූප නිකුත් වෙයි

2060 වන විට ලොව ජලාශවලින් අඩක් ම රොන්මඩ පිරී අක්‍රිය වන ලකුණු

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි