Home Science News ඇමේසන් වනයෙන් ජනාවාස නටඹුන් සහිත සැඟව ගිය නිම්නයක් සොයාගැනේ

ඇමේසන් වනයෙන් ජනාවාස නටඹුන් සහිත සැඟව ගිය නිම්නයක් සොයාගැනේ

by Sathya

වසර 2000කට පමණ පෙර ගොවීන් 10,000ක් පමණ වාසස්ථාන සලසාගත්තේ යැ යි අනුමාන කළ හැකි, කාලයාගේ වැලි තලාවෙන් යට වී තිබුණු ඉපැරණි නගර ප‌ොකුරක් ඇමේසන් වැසි වනාන්තරයෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා.

වැසි වනාන්තරයේ ඉක්වදෝරයට අයත් කොටස තුළින් වැළලී ගිය ඉපැරැණි මාවත් සහ ගොඩැලි මුලින් ම සොයාගනු ලැබුණේ අදින් දශක දෙකකට පමණ පෙර පුරාවිද්‍යාඥ Stéphen Rostain විසින්. නමුත් එකල ඉන් පැවසෙන නිසි අර්ථය කුමක් දැ යි නිවැරැදි ව වටහා ගැනීමට අප‌ොහොසත් වූ බව නව පර්යේෂණ කණ්ඩායමේ ද සාමාජිකයෙකු වන ඔහු සඳහන් කරනවා. ඔවුන්ගේ සොයාගැනීම් ඉකුත් බ්‍රහස්පතින්දා Science ජර්නලයේ පළ වී තිබුණා.

ලේසර් සංවේද තාක්ෂණය යොදා ගනිමින් මෑත කාලීන ව සිදු කරන ලද සිතියම් ගත කිරීම් මඟින් එම කලාපය තුළ ඇති නටඹුන් වූ ඉදි කිරීම් අන්දීස් කඳු පාමුල ඇති වනගහන කුඩා කඳු මතින් ඇදුණු මාවත් සහිත වඩාත් පැතීරී ගිය ඉදි කිරීම් ජාලයක් හා සම්බන්ධ වන බව සොයාගෙන තිබෙනවා.

“එය නගර සහිත සැඟව ගිය නිම්නයක්” ප්‍රංශයේ National Center for Scientific Research වෙනුවෙන් පර්යේෂණයට දායක වූ Rostain පවසනවා. “එය විශ්වාස කළ නො හැකි තරම්”

පර්යේෂකයන් අනුමාන කරන පරිදි එය ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 300ත් 600ත් අතර කාලයේ යුපානෝ නිම්න වැසියන්ගේ වාසස්ථානයක් ව පැවත තිබෙනවා. එනම්, එය යුරෝපයේ පැවැති රෝමානු අධිරාජ්‍යයට සමකාලීන වනවා.

“ජීවත් වන ආකාරය පිළිබඳ ව පමණක් නො වෙයි, ඇමේසන් වාසීන් සහ ඔවුන්ගේ වාසස්ථාන අතර පවා ඇත්තේ විස්මය දනවනසුලු විවිධත්වයක්.” Rostain සඳහන් කරනවා. “අප තව ම ඔවුන් ගැන ඉගනගැනීම පටන්ගත්තා පමණයි.”

The Guardian සහ Associated Press ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications