Home Science News Nvidia සමාගමෙන් කාලගුණය පුරෝකථනය කළ හැකි පෘථිවියේ ඩිජිටල් පිටපතක්

Nvidia සමාගමෙන් කාලගුණය පුරෝකථනය කළ හැකි පෘථිවියේ ඩිජිටල් පිටපතක්

by Sathya

පෘථිවියේ කාලගුණය ගැන සාපේක්ෂ ව අඩු කාලයකින් අනාවැකි පළ කළ හැකි පෘථිවියේ ‘ඩිජිටල් නිවුන් සහෝදරයෙකු’ (‘digital twin’) තනන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ තාක්ෂණය ඔස්සේ සුළි කුණාටු සහ දැවැන්ත ගංවතුර ව්‍යසනයන්ගෙන් සිදු වන බලපෑම සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකි වීම සුවිශේෂත්වයක්. අති විශාල වූ දත්ත සංඛ්‍යාවක් සමඟ කටයුතු කරන මෙම පද්ධතියට සිදු වෙමින් පවතින දේශගුන විපර්යාසයේ අනාගත අවස්ථාවන් ද සවිස්තරාත්මක ලෙස දැක්වීමේ හැකියාව ඇති අතර එම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉඟි පළ කිරීමට ද හැකියාව පවතිනවා.

මේ පද්ධතිය නිපදවනු ලැබ ඇත්තේ චිත්‍රණ සැකස්ම් ඒකක (graphics processing units – GPU) නිෂ්පාදනයේ පතාක යෝධයෙකු ලෙස සැලකෙන Nvidia සමාගම විසින්. Earth-2 ලෙස නම් කර ඇති මෙම පෘථිවියේ ඩිජිටල් පිටපත යන්ත්‍ර ඉගෙනුම හා වෙනත් කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණික භාවිතයන් උපයෝගී කරගනිමින් තනා තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ අධික සැකසුම් ධාරිතාවක් සැපයිය හැකි සුපිරි පරිගණක මඟින්. Nvidia සමාගමේ දත්ත මධ්‍යස්ථාන අලෙවිකරණ ප්‍රධානී Dion Harris සඳහන් කරන්නේ මේ සියලු තාක්ෂණයන් එක් වී ‘භෞතික වස්තුවක හෝ පද්ධතියක අතථ්‍ය ආකෘතියක්’ ගොඩනගන බවයි.

මෙම පද්ධතිය පහසුවෙන් අන්තර්ක්‍රියා කළ හැකි අතුරුමුහුණතකින් සමන්විත වන අතර පරිශීලකයාට අවශ්‍ය පරිදි විවිධ වූ පරාමිතීන් ඔස්සේ, විවිධ කලාපවලට බලපැවැත්වෙන පරිදි කාලගුණය සමාකරණය කිරීමේ හැකියාව ලබාදෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications