ජර්මනියේ පදිංචි ශී ලාංකිකයෙකු වන පසිඳු ජයවීර හොලිවුඩයේ පැවැති WSO2 Code Challenge තරගය ජයග්‍රහණය කරමින් එහි මහා ත්‍යාගය ලෙස පිරිනැමෙන ටෙස්ලා සයිබර්ට්‍රක් (Tesla Cybertruck) රථය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. WSO2 Code Challenge මැයි 7, 8, 9 තෙදින පුරා ෆ්ලොරිඩාවේ හොලිවුඩ්හි Hard Rock කැසිනෝ හෝටලයේ දී පැවැත්වුණා.
ලොව පුරා පිහිටි සුපතළ සමාගම්, විශ්වවිද්‍යාල මෙන් ම රාජ්‍ය ආයතන විසින් සිය ඩිජිටල්කරණ ව්‍යාපෘතීන් සඳහා WSO2 සමාගමේ විවෘත කේත ක්ලවුඩ් මෘදුකාංග පහසුකම් යොදා ගනු ලබනවා. WSO2 විසින් පවත්වනු ලබන WSO2 Code Challenge හි අරමුණ වන්නේ සිය මෘදුකාංගවල සුරක්ෂිතතාව සහ නවෝත්පාදනශීලී බව වර්ධනය කර ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධි භාවිතය සහ අනෙකුත් තාක්ෂණික පහසුකම් සඳහා ප්‍රතිපාදන සැලසීමයි. WSO2 විවෘත කේත මෘදුකාංගයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ආචාර්ය සංජීව වීරවර්ධනයි.
WSO2 Code Challenge තරගය සඳහා ඇතුළත් වීමේ දී WSO2 හි අභ්‍යන්තර සංවර්ධක වේදිකා (internal developer platform (IDP) මෘදුකාංගය වන Choreo යොදාගනිමින් තමන් විසින් නිර්මාණය කරන ලද වාණිජ්‍යමය නිෂ්පාදනය සඳහා සුදුසු මට්ටමේ පවතින යෙදවුම් මෘදුකාංගයක් හෙවත් ‘ඇප්’ එකක් ඉදිරිපත් කළ යුතු වුණා. ඉන් සුදුසුකම් ලබන ‘ඇප්ස්’ නිර්මාණකරුවන් ත්‍යාග දිනුම් ඇදීමක් සඳහා ඇතුළත් වූ අතර MacBook Pro ලැප්ටොප් පරිගණක 10ක් සහ ටෙස්ලා සයිබර්ට්‍රක් රථයක් හෝ ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් සුපිරි ත්‍යාගය ලෙස පිරිනමනු ලැබුණා.