Home Science News බිලි දුන් මායානු දරුවන් ගැන ජාන විශ්ලේෂණයක්

බිලි දුන් මායානු දරුවන් ගැන ජාන විශ්ලේෂණයක්

by Sathya

ක්‍රිස්තු පූර්ව 600 සිට 1000 දක්වා ඈතට ඇදී යන මායානු ශිෂ්ටාචාර ඉතිහාසයට උරුමකම් කී පූර්ව කොලොම්බියානු පුරාවිද්‍යා භූමියේ ‘ශුද්ධ වූ අවපතනය’ (sacred sinkhole) ආසන්නයේ වූ Chultun යනුවෙන් හැඳින්වෙන භූගත ජල කුණ්ඩලියක තිබී මිය ගිය දරුවන් සිය දෙනෙකුට වඩා ගණනකගේ ඇටසැකිලි සොයා ගැනුණා. ඒ 1967 වසරේ දීයි.

මෑතක දී මේ අතරින් ඇටසැකිලි 64ක් යොදා ගනිමින් සිදු කළ ජාන විශ්ලේෂණයකින් එවක උපන් නිවුන් දරුවන්ගේ ⁣භූමිකාව ගැන නවතම තොරතුරු අනාවරණය කරගන්නට සමත් ව තිබෙනවා.

මේ අධ්‍යයනය මඟින් තහවුරු කරගෙන ඇති පරිදි ඇටසැකිලි මෙක්සිකෝවේ Yucatan අර්ධද්වීපයේ, Chultun හි මිහිදන් කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 500 සහ 900 අතර කාලයේයි. DNA පරික්ෂාවන් මඟින් තහවුරු වී ඇති පරිදි ඇටසැකිලි 64හි ම හිමිකරුවන් ව ඇත්තේ පිරිමි දරුවන්. මේ අතර තිබී ඇටසැකිලි යුගල් දෙකක් ඒකයුක්තානු නිවුන් සොහොයුරන්ට අයත් බව ද සොයාගැනුණා. ඒ සියලු දෙනා ම මිය යන විට සිට ඇත්තේ අවුරුදු තුනත්, හයත් අතර වයස් සීමාවලයි.

Chultun පිහිටන්නේ භූගත ව විහිදෙන කුඩා ගුහාවකට ද සම්බන්ධ වන ලෙසින් බැවින් පුරාවිද්‍යාඥයන් සැක කරන්නේ එය බිලි පූජා සඳහා මරණයට පත් කළ දරුවන් වළ දැමීම සඳහා පවත්වාගෙන යන්නට ඇති බවයි. මෙලෙස බිලි පූජා පවත්වන්නට ඇත්තේ කෘෂි වගාවන් සඳහා ආශිර්වාද ලබා ගැනීම වෙනුවෙන් Chaac නම් වැසි දෙවියන් වෙනුවෙන් බවත් සිතිය හැකියි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications