එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූල්‍ය සැපයුම් මත ක්‍රියාත්මක Resilience Beyond Observed Capabilities සංවිධානය සහ එරට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් අතර හමුවක් පසුගිය දා සිදු ව තිබෙනවා. පර්යේෂකයන් සහ එරට නීති සම්පාදකයන් ද සහභාගී වූ මේ හමුවේ අරමුණ වී තිබුණේ මුහුණ දීමට සිදු විය හැකි ඩිස්ටෝපියානු අනාගත තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීමයි. එවැනි මහා පරිමාණයේ ව්‍යසන තත්ත්වයකට සාර්ථක ව මුහුණ දිය හැකි පරිදි මහා බ්‍රිතාන්‍යය සූදානම් කර තැබීම මෙහි දී අවධානයට ලක් ව තිබුණා.
“ආයාසයකින් ලබන ප්‍රවේශයකට වාඩා චරිත පාදක ප්‍රවේශයන් අනාගතයේ ඇති විය හැකි අවස්ථාවල පැතිකඩයන් හෙළි කරගැනීමට උපකාරී වනවා.” හමුවට සහභාගී වූ එමා නිව්මාන් නමැති ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ ලේඛිකාව සඳහන් කරනවා. 2017 වසරේ දී ඇය විසින් ලියන ලද After Atlas විද්‍යා ප්‍රබන්ධ නවකතාව බ්‍රිතාන්‍යයේ Arthur C Clarke සම්මානයේ අවසන් වටය සඳහා නිර්දේශ වී තිබෙනවා.
“අපි කල්පනා කරමු 2050 දි ඇති වන ස්වං ධාවන වාහන සහිත සමාජයක් ගැන. මිනිසුන් දහස් ගණනක් එළියට බහින්න බැරි ව වාහන ඇතුළේ හිරවෙන තත්ත්වයක් ඇති වුණොත්?” ඒ ඇය මතු කරන එක් ව්‍යසනකාරී අනාගත තත්ත්වයක්.
මේ හමුව විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ගේ ප්‍රතිභාපූර්ණ පරිකල්පනය, ඇති විය හැකි නරකම තත්ත්වයට පෙරසූදානම් වීම සඳහා යොදාගනු ලැබුණු ආසන්නතම අවස්ථාවයි.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්