SriLankan ගුවන් සේවය හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධි චැට්බොට් පද්ධතිය – යානා

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන SriLankan Airlines සිය වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන පරිශීලක අන්තර්ක්‍රියා සඳහා සහාය වන කෘත්‍රිම බුද්ධි චැට්බොට් පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘Yaana’ (යානා) ලෙසයි.

CodeGen International තාක්ෂණ සැපයුම් සමාගමක් හා සුසංයෝගයෙන් සංවර්ධනය කර ඇති ‘යානා’ සංකීර්ණ තලයේ කෘත්‍රිම බුද්ධියකින් මෙන් ම ස්වභාවික භාෂා සැකසුමකින් (Natural Language Processing – NLP) ද සමන්විතයි.

SriLankan Airlinesහි තොරතුරු තාක්ෂණ ප්‍රධානී චාමර පෙරේරා සඳහන් කරන පරිදි ‘යානා’ තනා ඇත්තේ GPT-4 බහුආකෘති විසල් භාෂා මොඩලය (multimodal large language model) මත පිහිටායි. එය SriLankan Airlines නිල බෙබ් අඩවියේ අථථ්‍ය සහායිකාවක් ලෙස පෙනී සිටිමින් පරිශීලකයන් හා පාඨමය සංවාදයක් පවත්වාගනිමින් අවශ්‍ය සේවා සලසා ගැනීම සඳහා සහාය වනවා.

මේ වන විට වෙබ් අඩවිය වෙත ලැබුණු විමසීම් 12,000ක් පමණ සාර්ථක ව මෙහෙයවීමට ‘යානා’ සමත් වී තිබෙනවා.

 

Related posts

දකුණු අප්‍රිකානු ගුහා චිත්‍ර පිළිබඳ ජනප්‍රිය අදහස් අභියෝගයට ලක් වෙයි

ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි

ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ