Home Science News යුක්‍රේන යුද්ධය නිසා පමා වූ රොසලින්ඩ් යළිත් වැඩ අරඹයි

යුක්‍රේන යුද්ධය නිසා පමා වූ රොසලින්ඩ් යළිත් වැඩ අරඹයි

by Sathya

ප්‍රමාදයට ලක් වූ කාල පරාසයකින් පසු අඟහරු වෙත යුරෝපයෙන් යැවෙන පළමු රෝවර මෙහෙයුම වන ExoMarsහි කටයුතු යළිත් ඇරඹී තිබෙනවා. එය අඟහරු මතට පහත් කෙරෙන ලෑන්ඩරය සැලසුම් කරනු ලබන්නේ එක්සත් රාජධානිය විසින්.

මෙහෙයුමට අයත් රෝවරය Airbus සමාගමේ නිපැයුමක් වන අතර, එය නම් කර ඇත්තේ රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින් ලෙසයි. ඒ DNA අනුවේ ව්‍යුහය සොයාගැනීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කළ රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින්ට ගෞරවයක් ලෙසයි. අතීතයේ කලෙක අඟහරු මත ජීවය පැවතියේ ද යන්න සොයා බැලීම මේ මෙහෙයුමේ ප්‍රධානතම අරමුණයි. මෙහෙයුම අතරතුර රොසලින්ඩ් වසර බිලියන 4ක් පමණ පැරැණි පාෂාණ සාම්පල ද රැස් කරගෙන, විෂ්ලේෂණය කර බැලීමට නියමිතයි.

යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) මුල දී මේ ව්‍යාපෘතිය සඳහා අත්වැල් බැඳගෙන සිටියේ රුසියානු අභ්‍යවකාශ ආයතනය වන Roscosmos සමඟයි. කෙසේ නමුත් යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් වීමත් සමඟ 2022 දී එම සහයෝගීත්වය බිඳ වැටුණා.

මෙහෙයුම නවතා දමනු වෙනුවට එය නැවත වතාවක් තක්සේරු කර බැලූ ESA පෙරටත් වඩා මුදල් රැස්කරගැනීමට සමත් වූ අතර, රුසියාව සපයාදීමට එකඟ වූ අංශ සඳහා නව පාර්ශ්වකරුවන් සොයාගැනීමට සමත් වුණා.

ඒ අනුව රෝවරයේ ලෝන්චර සහ විකිරණ සමස්ථානික හීටර උපාංග ඇතුළු තවත් තාක්ෂණික මෙවලම් සඳහා NASA ආයතනයේ සහයෝගය ලැබී තිබෙනවා.

එසේ ම රෝවරයේ ගොඩබැසුම් පීඨිකාව (landing platform) තැනෙනු ඇත්තේ ද Airbus සමාගම විසිනුයි. ඒ එංගලන්තයේ හර්ෆර්ඩ්ශයරයේ පිහිටි කර්මාන්තශාලාව තුළයි. මේ සඳහා එක්සත් රාජධානියේ අභ්‍යවකාශ නියෝජිතායතනයේ අනුග්‍රහය හිමි වී තිබෙනවා.

දැනට සැලසුම්ගත වී ඇති පරිදි දි පරිදි 2030 දී අඟහරු වෙත ළඟා වීමේ අරමුණ ඇති ව 2028 දී මෙහෙයුම උඩුගුවන්ගත කිරීමට නියමිතයි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications