Home Science News ලැබ්රඩෝර් ප්‍රමාණයේ ඩයිනෝසෝරයෙක්

ලැබ්රඩෝර් ප්‍රමාණයේ ඩයිනෝසෝරයෙක්

by Sathya

මෙතෙක් කලක් වැරැදියට වර්ගීකරණය කර තිබූ නව ඩයිනෝසෝර් විශේෂයක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මේ ඩයිනෝසෝර විශේෂය ලැබ්‍රඩෝර් සුනඛයෙකුගේ ප්‍රමාණයෙන් සමාන වී තිබෙනවා.

විද්‍යාඥයන් මේ නව විශේෂය නම් කර ඇත්තේ ‘විස්මිත දිව යන්නා’ යන අර්ථය දෙන Enigmacursor නමින්. අදින් වසර මිලියන 150කට ඉහත දී ජීවත් වූ මේ විශේෂයේ ඩයිනෝසෝරයන්, අප හොඳින් දන්නා යෝධ ඩයිනොසෝර විශේෂ පාමුල ඒ මේ අත දිව යමින් කල් ගෙවන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.

විද්‍යාඥයන් මුලින් එය වරදවා වටහාගෙන තිබුණේ නැනෝසෝරසයෙකු (Nanosaurus) ලෙසයි. පසුගිය ජුනි 03 දා එය ලන්ඩලයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරනු ලැබුණා. මින් පෙර අවසන් වරට එහි ඩයිනෝසෝර පොසිලයක් ප්‍රදර්ශනය සඳහා ලබා දී ඇත්තේ 2014 වසරේ දී යි.

එනිග්මකර්සර් යනු සාපේක්ෂ ව ඉතා කුඩා ඩයිනෝසරයෙකි. මෙම ඩයිනෝසෝරයා සෙන්ටිමීටර 64ක් උසින් සහ සෙන්ටිමීටර 180ක් දිගින් යුක්ත ව සිට ඇති අතර, ලැබ්‍රඩෝර් බල්ලෙකුගේ උසට සමාන වුවත්, ඊට වඩා විශාල පාද සහ ඉදිරිපස කොටසට වඩා දිගකින් යුතු වලිගයක් තිබූ බව මහාචාර්ය සුසානා මේඩ්මන්ට් පවසනවා.

“එනිග්මකර්සර් සාපේක්ෂ ව කුඩා හිසකින් හෙබි වූ අතර, එනිසා එතරම් බුද්ධිමත් සතෙකු නො වන්නට ඇති” යි මහාචාර්ය සුසානා මේඩ්මන්ට් වැඩිදුරටත් සඳහන් කරනවා.

BBC ඇසුරෙනි.

නිම්නා අමරසේන

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications