Home Science News වසර 6000කට පෙර පතල් වැඩ කළ සොහොයුරියන් දෙදෙනෙකුගේ ත්‍රිමාන රූපණ ගොඩනැගෙයි

වසර 6000කට පෙර පතල් වැඩ කළ සොහොයුරියන් දෙදෙනෙකුගේ ත්‍රිමාන රූපණ ගොඩනැගෙයි

by Sathya

වර්තමානයේ චෙක් ජනරජයට අයත් භූමියේ අදින් වසර 6000කට පෙර පතල් කම්කරුවන් ලෙස කටයුතු කළ සොහොයුරියන් දෙදෙනෙකුගේ අධියථාර්ථවාදී පරිගණක රූපණ දෙකක් ගොඩනැගීමට පර්යේෂකයක් සමත් ව සිටිනවා.

මේ ත්‍රිමාන සිතුවම තනා ඇත්තේ දෙසොහොයුරියන්ගේ භස්මාවශේෂ විශ්ලේෂණයට ලක් කර ලබාගත් තොරතුරු මත පදනම්වයි. චෙක් ජනරජයේ දක්ෂිණ මොරේවියන් ප්‍රදේශයේ පිහිටි ප්‍රාග් ඓතිහාසික කහඳ ගල් පතලකින් ඔවුන් දෙදෙනාගේ අස්ථි කොටස් හෙළිකරගනු ලැබුණේ අදින් වසර 15කට පමණ පෙරයි. නවතම විශ්ලේෂණයෙන් ලද තොරතුරු අනුව හෙළිවන්නේ මොවුන් දෙදෙනා එහි, විවිධ මෙවලම් සහ අයුධ තැනීම සඳහා යොදා ගැනෙන දැවැන්ත ගල් කුට්ටි පාදාගැනීමට යොදවා සිට ඇති බවයි.

මේ අධ්‍යයනය පිළිබඳ වාර්තාව Archeological Anthropological Sciences ජර්නලයේ පළ වී තිබුණා.

දෙසොහොයුරියන්ගේ ඇටසැකිලි හමු ව තිබුණේ පතලේ එකිනෙකා මතට වන සේ වැළලී තිබිය දීයි. මුලින් ම හමු වූ ඉහළින් පිහිටි ඇටසැකිල්ලේ හිමිකාරිය වූයේ බාල සොහොයුරියයි. ඒ පොළොව මතුපිට සිට මීටර 6ක් යටින්. ඊට තවත් මීටරයක් පහළින් වැඩිමහල් සොහොයුරියගේ ඇටසැකිල්ල හමු ව තිබුණා.

පර්යේෂකයන් පවසන්නේ අතිශය වේදනාත්මක මරණයක් ඉන් නිරූපණය නො වන බවයි. රෝගාබාධයකික් පෙළුණු බව ද ඉන් පෙනී ගොස් නැහැ. කෙසේ නමුත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ තවදුරටත් වැඩ කළ නො හැකි තරම් තුවාලවලට ලක් වූ විට, ඔවුන් අත්හැර දමා තිබෙන්නට ද ඉඩ ඇති බවයි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications