Home Science News රයිට් සොයොයුරන්ගේ ගුවන් යානයේ කොටසක් Artemis II මෙහෙයුමෙන් සඳ වටා

රයිට් සොයොයුරන්ගේ ගුවන් යානයේ කොටසක් Artemis II මෙහෙයුමෙන් සඳ වටා

by Sathya

Artemis II මෙහෙයුමෙන් සඳ වටා යන්නේ ගගනගාමීන් සිව් දෙනෙකු පමණක් නොවෙයි. ⁣ඓතිහාසික වැදගත්කමක් ඇති වස්තූන් කිහිපයක් ද ඒ අතර වනවා.

NASA ආයතනය නිවේදනය කර ඇති පරිදි රයිට් සොහොයුරන් විසින් නිර්මාණය කර, පියාසර කරවූ ලොව පළමු ගුවන්යානයේ කොටසක් ද Orion යානය තුළ තැන්පත් කර තිබෙනවා. එසේ ම පළමු අභ්‍යවකාශ ෂටල මෙහෙයුමෙන් මෙන් ම අවසාන අභ්‍යවකාශ ෂටල මෙහෙයුමෙන් අභ්‍යවකාශයට රැගෙන ගිය ඇමරිකානු ජාතික ධජය ද මෙම මෙහෙයුමෙන් රැගෙන යාමට නියමිතයි.

“Artemis II මඟින් පියාසර කරන ඓතිහාසික මානවකෘතීන් ඇමරිකානු ගවේෂණයේ මෙන් ම මේ මොහොත උදා කිරීම දක්වා හේතුකාරක වූ සුවිසල් නවෝත්පාදක පරපුර පරාවර්තනය කරනවා.” NASA ප්‍රධානී ජෙරාඩ් අයිසැක්මන් නිවේදනයක සඳහන් කරනවා. “මේ මෙහෙයුම මඟින් ගුවන් ගමන් ඉතිහාසයේ අප ලද මුල්කාලීන ජයග්‍රහණවල කොටස, මානව අභ්‍යවකාශ ගමනේ තීරණාත්මක අවස්ථා සහ අපගේ අනාගත ගමනාන්තය නිරූපණය කරන සංකේත සියල්ල එකට එක් කරනු ඇත.”

Artemis II දියත් වන මෙම වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සරය ද යෙදී තිබීම සුවිශේෂ කරුණක්. මේ බව විදහා දක්වමින් SLS රොකට්ටුවේ ඝන රොකට් බූස්ටර දෙකෙහි America 250 යනුවෙන් සඳහන් කර තිබෙනු ද දැකිය හැකියි.

රෙයිඩ් වයිස්මාන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් සිව් දෙනා මේ වන විට සිය මෙහෙයුමට අවතීර්ණ වීමට මත්තෙන් නිරෝධායනයට ලක් වෙමින් සිටිනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications