Home Entertainmentප.නි.නි. බාලයා අවදානමේ වැටෙන බව ඇත්ත ද?

බාලයා අවදානමේ වැටෙන බව ඇත්ත ද?

by cmadurawala

පවුලක බාල දරුවන් වැඩිමල් දරුවන්ට සාපේක්ෂ ව තරමක් මුරණ්ඩු බවටත් කලබලකාර හා හිතුවක්කාර බවටත් මතයක් සමාජයේ පවතිනවා. එමෙන් ම බාල දරුවන් වැඩිමලාට සාපේක්ෂ ව අවදානම් සහගත ක්‍රියාවල යෙදෙන බවට ද මතයක් පවතිනවා. මේ මතය නිරවද්‍ය දැ යි පිරික්සීම සඳහා ඉලිනොයි විශ්වවිද්‍යාලයයේ Renato ඇතුළු පිරිස පර්යේෂණයක් දියත් කළා. මීට අදාළ අධ්‍යයනය PLOS ONE ජර්නලයේ පළවනවා. එහි දී පර්යේෂකයන් පුද්ගලයන් 12,500කට ආසන්න පිරිසකගේ දත්ත විශ්ලේෂණයට බඳුන් කළා. එහි දී ඔවුන් විමර්ශනය කළේ වැඩිමලාට සාපේක්ෂ ව බාලයන් (පවුලේ දෙවැන්නා, තුන්වැන්නා හෝ හතරවැන්නා ආදී ලෙස) අවදානම් කටයුතුවලට යොමු වනවා ද කියායි.

දර්ශක ලෙස සැලකුවේ අධික වේගයෙන් රිය පැදවීම, අනාරක්ෂිත ලෙස සහවාස කටයුතුවලට යොමු වීම (unsafe sex) වැනි දේයි. එහි දී පෙනී ගියේ පවුලේ උපන් පිළිවෙළ එනම් බාලයා ද, මද්දුමයා ද, වැඩිමලා ද වීම වැනි කරුණු එම අවදානම් ගැනීම් කෙරෙහි සුවිශේෂී ලෙස බලපා නැති බවයි.

 

මනෝජ් රත්නායක

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications