Home Entertainment ආදරය මොළයෙහි ගැඹුරු ලකුණක් තබයි

ආදරය මොළයෙහි ගැඹුරු ලකුණක් තබයි

by Rashi

ඔබ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය හමු වීම සඳහා නො ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා යැයි සිතන්න. එතකොට ඩොපමයින් කියන හෝමෝනය විශාල වශයෙන් ශ්‍රාවය වෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඩොපමයින් හෝමෝනය ශ්‍රාවය වෙන්නේ ඔබේ සතුට වැඩි වෙලාවට.

මේ විදිහට දිගු කාලයක් එකට සිටින විට නිතර සිදු වන ඩොපමයින් ශ්‍රාවය මගින් මේ සම්බන්ධය පිළිබඳ සෑහෙන ගැඹුරු සලකුණක් අපේ මොළය මත තබන බව තමයි විද්‍යාඥයන් කියන්නේ.

යම් හෙයකින් මේ වගේ පෙම්වතුන් දෙදෙනෙකුට වෙන් වෙන්නට සිදු වුණොත් මොකද වෙන්නේ? කාලයත් එක්කම පරණ සම්බන්ධය ගැන මතකය වියැකෙනකොට ඩොපමයින් ශ්‍රාවයත් අඩු වී යනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, මෙය විරහ වේදනාවෙන් ආරක්ෂා වීමට මොළයට ඇති ස්වාභාවික ආරක්ෂක යන්ත්‍රණයක් විය හැකි බවයි.

දිගු කාලීන යුගල සම්බන්ධතා හැසිරීම් සඳහා ප්‍රසිද්ධ Prairie voles සත්ත්වයන් අධ්‍යයනය කිරීමෙන් තමයි Colorado Boulder විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් මේ සොයාගැනීම් කරලා තියෙන්නේ. මේ අධ්‍යයනය පළ වුණේ Current Biology සඟරාවේ.

මේ සොයා ගැනීම් මිනිසුන්ට පරිවර්තනය කරන්නේ කෙසේ ද යන්න සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා ඉදිරියේ දී තවත් පර්යේෂණ සිදු කිරීමට නියමිතයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications