Home Entertainment ගඳ සුවඳ සොයන සුපිරි බලු හැකියාව

ගඳ සුවඳ සොයන සුපිරි බලු හැකියාව

by Rashi

මෑතක දී සුනඛයන් තුළ සුවඳ හඳුනා ගැනීමේ සීමාව විමර්ශනය කිරීමට සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පුහුණු කරන ලද සුනඛයන්ට කලින් හිතුවාට වඩා අඩු සාන්ද්‍රණවල සුවඳ පවා හඳුනා ගත හැකි බවයි.

මේ අධ්‍යයනය සිදු කළේ Helsinki විශ්වවිද්‍යාලයේ DogRisk පර්යේෂණ කණ්ඩායම, නැගෙනහිර ෆින්ලන්ත විශ්වවිද්‍යාලය සහ ෆින්ලන්තයේ Wise Nose — Scent Discrimination සංගමය එක් ව යි.

පර්යේෂණයට සුනඛයින් පහළොවක් ඇතුළත් වූ අතර, ඉයුකැලිප්ටස් හයිඩ්‍රොලේට් Eucalyptus hydrolate ) නම් රසායනිකයේ විවිධ සාන්ද්‍රණ හඳුනා ගැනීමට උන්ව යොමු කෙරුනා. ඉතා නවීන විශ්ලේෂණාත්මක උපකරණවලට හඳුනාගත හැකි සීමාවටත් පහළ සාන්ද්‍රණ හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කළ හැකි බව මේ පර්යේෂණයේ දී පෙනී ගියා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications