Home Entertainment ඔබේ ජංගමයා විනාඩියට චාජ් කරන සුපිරි ධාරිත්‍රක

ඔබේ ජංගමයා විනාඩියට චාජ් කරන සුපිරි ධාරිත්‍රක

by Rashi

සම්පූර්ණයෙන් ම බැහැලා තියෙන ඔබේ ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය විනාඩියකින් චාජ් කරගන්න පුළුවන් නම් කොහොම ද? එහෙම නැත්නම් ඔබේ ඉලෙක්ට්‍රික් වාහනය විනාඩි දහයක් ඇතුළත චාජ් කරගන්න පුළුවන් නම් කොහොම ද? ඒ තරම් ධාරිතාවක් තියෙන සුපර් කැපෑසිටර්ස් හෙවත් සුපිරි ධාරිත්‍රක නිපදවන්න පුළුවන් බව දැන් විද්‍යාඥයෝ කියනවා. සුපිරි ධාරිත්‍රක කියන්නේ තම සවිවර ව්‍යුහය මත අයන සමුච්චනය වීමෙන් බලශක්ති ආචයනය සිදු කරන බලශක්ති ගබඩා උපාංගවලටයි.

මේ අලුත් තාක්ෂණය සොයාගත්තේ Colorado Boulder විශ්වවිද්‍යාලයේ රසායනික හා ජීව විද්‍යා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්යවරයෙක් වන අනුක් ගුප්තා. අධ්‍යයනයේ වාර්තාව පළ වුණේ National Academy of Sciences සඟරාවේ. සහකාර මහාචාර්යවරයා කියා සිටින්නේ මේ සොයා ගැනීම විදුලි ජනක සඳහා ද භාවිතා කළ හැකි බවයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications