Entertainment ප.නි.නි. දොයි දොයි දොයි දොයිය බබා RashiJanuary 15, 20240101 views ඔබේ දරුවා ආවේගශීලී ව හැසිරෙන්නේ නම් දරුවන්ට වැඩිපුර නිදා ගැනීමට ඉඩ දීම ඊට විසඳුම විය හැකි බව Georgia විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසනවා. නින්ද දරුවන්ගේ මනා සෞඛ්‍යයට වැදගත්. ඒ වගේ ම ඔවුන්ගේ ආවේගකාරී හැසිරීම් අඩු වීමටත් ප්‍රමාණවත් නින්දක් ලැබීම හේතු වන බව ඔවුන්ගේ නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. ප්‍රතිඵල පෙන්නුම් කළේ නින්ද ප්‍රමාදය, හෝ නින්දට යාමට ගතවන කාලය සහ නින්ද නො යාම ආවේගශීලී හැසිරීම් සමග සැලකිය යුතු සම්බන්ධයක් ඇති බවයි. එනම්, දරුවන්ට නිර්දේශිත පැය නවයට වඩා අඩු නින්දක් ලැබුණු විට හෝ ඔවුන් නිදා ගැනීමට උත්සාහ කිරීමට මිනිත්තු 30කට වඩා වැඩි කාලයක් ගත කළ හොත්, ඔවුන් පසු ව ආවේගශීලී ව ප්‍රතිචාර දැක්වීම, ත්‍රාසය පසුපස හඹා යාම ආදී හැසිරීම් පෙන්විය හැකියි. පර්යේෂකයන් මේ නිගමනයට එළඹෙන්නේ වසර දෙකක කාලයක් වයස අවුරුදු 9 සිට 10 දක්වා ළමුන් 11,800 කට වැඩි පිරිසකගේ නින්දේ ගැට ̈ පිළිබඳ ව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. සහශ්‍රිකා දෙව්මිණි