Entertainment ප.නි.නි. කොහොම ද AI මොළේ? KithsiriJanuary 18, 20240200 views නොබෙල් ත්‍යාගය පවා ලැබුණු ඉතා සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියා සිදු කරන්නෙ කොහොම ද කියල ඉතාම නිවැරදිව තීරණය කරන්න කෘතිම බුද්ධි පද්ධතියක් සමත් වෙලා තියෙනවා. පුදුමයට කරුණ නම්, AI මෙම කාර්යය මිනිත්තු කිහිපයක් ඇතුළත සම්පූර්ණ කරමින් තම පළමු උත්සාහයේ ම සාර්ථක වීමයි. Carnegie Mellon විශ්වවිද්‍යාලය නිර්මාණය කරන ලද මේ කෘතිම බුද්ධි පද්ධතිය හැඳින්වෙන්නේ Coscientist නමින්. විද්‍යාව විසින් කෘත්‍රිම බුද්ධිය (AI) බිහි කරන ලද අතර, දැන් AI විසින් ක්ෂේත්‍ර ගණනාවක විද්‍යාත්මක අවබෝධය දියුණු කරමින් සිටිනවා. උපකල්පන නිර්මාණය කිරීමේ සහ අත්හදා බැලීම් සැලසුම් කිරීමේ සිට දත්ත අර්ථ නිරූපණය සහ විශ්ලේෂණය දක්වා විද්‍යාත්මක ක්‍රමයේ සෑම පියවරකට ම කෘත්‍රිම බුද්ධිය මැදිහත් වෙලා තියනවා. සහශ්‍රිකා දෙව්මිණි