සුප්‍රසිද්ධ අමෙරිකානු ව්‍යාපාරික ජෙෆ් බෙසොස්ගේ Blue Origin අභ්‍යවකාශ සමාගම සහ තවත් එවැනි ම සමාගමක් වන Sierra Space එක් වී නවමු අභ්‍යවකාශ වැඩපිළිවෙළක් සැලසුම් කරමින් සිටිනවා. ඔවුන් මෙය හඳුන්වන්නේ Orbital Reef යන නමින්.
ඔවුන් මේ ව්‍යාපෘතිය යටතේ තනන්නට යන්නේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්. එහි ආපනශාලා, හෝටල් කාමර මෙන් ම පර්යේෂණ කටයුතු සඳහා සමාගම් හා විද්‍යාඥයන් වෙනුවෙන් වෙන් කරවාගත හැකි විද්‍යාගාර ද ඇතුළත් කර තිබෙනවා.
ඉකුත් මාසයේ දී සමාගම් ද්විත්වය විසින් මේ මධ්‍යස්ථානය සඳහා යොදා ගැනෙන මොඩියුලයේ මූලාකෘතියක් ද ප්‍රසිද්ධ කරනු ලැබුණා. ඒ ඔවුන් දැනටමත් ක්‍රියාවට නංවා ඇති පර්යේෂණාත්මක ක්‍රියාන්විතයේ එක් ප්‍රතිඵලයක් හැටියටයි.
ඔවුන් බලාපොරොත්තු වන්නේ එය 2027 වන විට කක්ෂගත කිරීමටයි. Sierra Space විසින් නිපැයෙන Dream Chaser අධිධ්වනික අභ්‍යවකාශ ගුවන් යානයේ (Supersonic spaceplane) ආධාරයෙන් සංචාරකයින් එහි රැගෙන යාමට නියමිතයි.
2026 වන විට Dream Chaser යානයේ කටයුතු අවසන් කර පළමු නියමු මෙහෙයුම ද ඉටු කරීමට හැකි වනු ඇතැයි Sierra Space බලාපොරොත්තු වනවා. මෙසේ නිපැයෙන එක් Dream Chaser යානයක් දළ වශයෙන් 15 වතාවක් පමණ නැවත භාවිත කළ හැකි වනු ඇති අතර වරකට මිනිසුන් 12 දෙනෙකු අභ්‍යවකාශ ගත කළ හැකි වනු ද ඇති බවයි සමාගම සඳහන් කරන්නේ. Orbital Reef අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සංචාරකයින් රැගෙන යාමෙන් පමණක් නො නැවතී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ද බඩු බාහිරාදිය මෙන් ම අභ්‍යවකාශගාමීන් පවා රැගෙන යාමට එයට හැකියාව ලැබෙනු ඇති. ඒ NASA ආයතනයත් සමග ඇති කරගත් ඩොලර් බිලියන 3 ක කොන්ත්‍රාත් පදනමක් මතයි.
Interesting Engineering ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි