මේ දිනවල අඟහරු ලෝකය මත මෙහෙයුම් කටයුතුවල යෙදෙන නාසාවේ අධිතාක්ෂණික රෝවරය වන MSL Curiosity හට ලෝහමය උල්කාවක් හමුවී තිබෙනවා. අඟහරු මත පිහිටි ගේල් ආවාටය මධ්‍යයේ පිහිටි කූටය වන මවුන්ට් ෂාප් හිදී තමයි MSL Curiosity හට මේ අමුත්තා මුණගැසෙන්නේ.
මේ උල්කාව වැඩි වශයෙන් ම සමන්විත වන්නේ යකඩ හා නිකල් වලින්. Cacao යන නමින් හැඳින්වෙන මේ උල්කාව අඩියක් පමණ විශාලයි. Cacao අඳුරු අළු පැහැයෙන් හා ලෝහමය පෙනුමෙන් යුක්තයි. එහි සෑහෙන තරම් සුමුදු හා රවුම් හැඩය කියා පාන්නේ අඟහරුගේ වායුගෝලය හරහා එන ගමනේදී එය සෑහෙන තරම් ඝර්ෂණයකට මුහුණ දී තිබෙන බවයි. මේ උල්කාව මත තිබෙන නෙරුම් ඇති වී තිබෙන්නේත් අඟහරුගේ වායු ගෝලය හරහා ඇදී එන විට ඇතිවූ ඝර්ෂණයේ ප්‍රතිඵලයක් ලෙසයි.
මේ උල්කාව අඟහරු මත සෑහෙන කාලයක් තිබෙන්නට ඉඩක් තිබුනත් කාටවත් හරියටම ඒ ගැන අනාවැකි කිව නොහැකියි.
සියලු උල්කා අතරින් දුර්ලභම උල්කා විශේෂය මේ Cacao වැනි යකඩ සහ නිකල් වලින් නිර්මිත උල්කාවන්. පතිතවන උල්කාවන් අතරින් සියයට හයක් විතරයි දැනට මෙවැනි උල්කාවන් වාර්තා වී තිබෙන්නේ.
ඈත අතීතයේ පෘතිවිය මතට පතිත වූ මෙවැනි ලෝහමය උල්කාවන් යකඩ යුගය ආරම්භ කරන්නට මනුෂ්‍ය වර්ගයාට උදව් වූ බවයි පැවසෙන්නේ. මනුෂ්‍යයාගේ ප්‍රථම යකඩ මූලාශ්‍රය වුණේ පොළවට පතිත වූ මෙවැනි උල්කාවන්. එහෙත් අඟහරු මත සිටින Cacao ට නම් සිටින්නේ එකම එක ආගන්තුකයෙක් පමණයි. ඒ පෘථීවියෙන් අඟහරු බලා ගිය MSL Curiosity පමණයි.
Space ඇසුරෙනි.
සුනන්ද කරුණාරත්න