Science News අධික උෂ්ණත්වයෙන් මෙලෙස ආරක්ෂා වන්න SathyaMay 29, 2023043 views මේ දිනවල දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය වායුගෝලීය උෂ්ණත්වය නොව ශරීරයට දැනෙන උණුසුම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ නිසා විජලන තත්ත්වයට පත්වීම, ශරීරයෙන් ලවණ ඉවත් වීම නිසා ඇතිවිය හැකි මස්පිඬු පෙරලීම, අධික මහන්සිය වැනි පීඩා ඇතිවිය හැකි බැවින් පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.• අධික වෙහෙස කර කටයුතුවල නිරත වීමෙන් හැකි තාක් වළකින්න.• විවෘත වැඩබිම්වල සේවය කරන්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.• සෙවන ඇති ස්ථානවල ප්‍රමාණවත් පරිදි විවේක ගන්න.• ළමුන් බොහෝ වේලා එළිමහන් ක්‍රීඩාවල නිරත කරවන්න එපා.• වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් පිළිබඳ ව වැඩි සැලකිල්ලක් දක්වන්න. • සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් අදින්න. සහශ්‍රිකා දෙව්මිණි