පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් මුලින් ම නිරීක්ෂණය කිරීමට සමත් වූ Odysseus 6K නමැති දුරස්ථ පාලක රොබෝ යාත්‍රාව මේ වන විට එහි සුන්බුන් මතුපිටට රැගෙන ඒමේ මෙහෙයුමට දායකත්වය ලබා දෙමින් සිටිනවා. මේ බව සඳහන් කළේ Odysseus 6K අයත් Pelagic Research Services සමාගමයි. මේ වන විට එය සෝදිසි මෙහෙයුමට පැමිණි දා සිට සිව් වරක් ටයිටැනික් නටඹුන් ප්‍රදේශය තුළ සැරිසරා තිබෙනවා. Odysseus 6K සතු අධිබර එසැවීමේ හැකියාව මේ දක්වා ප්‍රයෝජනවත් වු බවත් ටයිටන් ගොඩගැනීමේ මෙහෙයුමේ දීත් ප්‍රෙයා්ජනවත් වන බවත් සමාගම සඳහන් කර තිබුණා.
එක්සත් ජනපද වෙරළාරක්ෂක ප්‍රධාන පරීක්ෂක කපිතාන් Jason Neubauer ඉකුත් දා සඳහන් කළේ සබ්මැරීනයේ සිදු වූ අන්තර් විදාරණය පිළිබඳ විමර්ෂණ කටයුතු සඳහා ‘නාවුක මාණ්ඩලික විමර්ෂණයක්’ (Marine Board of Investigation) කැඳවන්නට පියවර ගැනුණු බවයි. CNN කළ විමසීමක දී සුන්බුන් රැගෙන ඒමේ මෙහෙයුම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පැවසීම ප්‍රතික්ෂේප කර ඇති හෙතෙම ‘අඩවිය තුළ සියලු සම්පත් ඇති බවත් සුන්බුන් රැගෙන ඒමට හැකියාව පවතින’ බවත් පමණක් සඳහන් කර තිබුණා.
Odysseus 6K එහි රැගෙන එනු ලැබුවේ Horizon Arctic නෞකාව මඟින්. එයට මුහුදු මට්ටමේ සිට අඩි 19,000ක ගැඹුරක් දක්වා ගමක් කිරීමේ හැකියාව පවතිනවා. ටයිටන්ගේ සුන්බුන් ප්‍රථම වතාවට නිරීක්ෂණය කරන විට එය ගමන් ගනිමින් පැවතියේ වනාඩියට මීටර 35ක උපරිම වේගයෙන් බව සඳහන්.
ටයිටන්ගේ සුන්බුන් තනි ව ඉහළට ගෙන ඒම Odysseus 6K ට තනි ව කළ හැක්කක් නොවෙයි. ඒ සඳහා සෝදිසි මෙහෙයුමට මුල සිට ම දායකත්වය දැක්වූ Deep Energy සමාගමේ ද සහය ලැබෙනු ඇති බවයි CNN සඳහන් කරන්නේ. තවත් සතියක පමණ කාලයක් මෙසේ සාගර පත්ල මත දුරස්ථ විමර්ෂණ කටයුතු ක්‍රියාත්මක වනු ඇති බවයි Pelagic Research Services සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
මේ අතර OceanGate සමාගමට අයත් Titan සබ්මැරීනය ටයිටැනික් නෞකාවේ නටඹුන් විසිර ඇති සාගර කලාපය වෙත ගෙන ගිය Polar Prince නෞකාව පසුගිය සෙනසුරාදා යළි කැනඩාවේ ශාන්ත ජෝන්ස් වරාය වෙතට ළඟා වූවා. එහි ලෙලදුන් ධජ අඩකුඹු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වන විට පෙරමුණු කිහිපයකින් ම අනතුර පිළිබඳ විමර්ෂණ කටයුතු සිදු වෙමින් පවතිනවා. කැනේඩියානු බලධාරීන් විසින් සබ්මැරීනය දියත් කළ මව් යාත්‍රාවේ පටිගත වූ ශ්‍රව්‍ය පසුරු අධ්‍යයනය කරන්නට පියවර ගැනුණා. ඒ අනුව සබ්මැරීනයේ ගමන් දත්ත සහ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා වැදගත් විය හැකි තොරතුරු එක් රැස් කරගැනීම සඳහා වරායට ළඟා වූ Polar Prince නෞකාව වෙත ඉකුත් සෙනසුරාදා ම කැනේඩියානු පරීක්ෂකයින් ගොඩවැදුණු බව කැනේඩියානු ගමනාගමන සුරක්ෂිතතා මණ්ඩලය සඳහන් කර සිටියා.
මේ අතර රාජකීය කැනේඩියානු ඒකාබද්ධ පොලීසිය (Royal Canadian Mounted Police – RCMP) විසින් සිදු වීමට අදාළ වන පරිදි අපරාධමය, ෆෙඩරල්මය හෝ ප්‍රාදේශීය නීති උල්ලංඝනය වී ඇත් දැයි සොයා බැලීම සඳහා වෙන ම විමර්ෂණයක් අරඹා තිබෙනවා. ‘අපරාධ ක්‍රියාවක් සිදු වී ඇති බවට දැනට නම් සැකයක් පැන නැඟී නැහැ. නමුත් අපට ඒ පාරේ යන්න වේවි ද නැති ද කියන එක ගැන මූලික තක්සේරුවක් RCMP විසින් සිදු කෙරෙනවා.’ RCMP පොලිස් අධිකාරී Kent Osmond පවසනවා.
CNN ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි