අඟහරු පාෂාණවලට සමාන ‘චන්ද්‍රකාන්ත’ සොයා NASA දිවයිනට

අඟහරු මත ඇති පාෂාණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරන Serpentine නම් පාෂාණ විශේෂ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි NASA ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් මේ වන විට සිය පර්යේෂණ කටයුතු අරඹා තිබෙනවා. මේ විශේෂඥ කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලබන්නේ NASAහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන සුනිති කරුණාතිලක මහතා විසින්.

ඔවුන් සිය පර්යේෂණ මාලාව ඔස්සේ ශ්‍රී ලංකාවේ පිහිටි ගිනිගල්පැලැස්ස, ඉඳිකොළපැලැස්ස, උස්සන්ගොඩ සහ යුධගනාව යන ප්‍රදේශ ආශ්‍රිත ව ඇති පාෂාණ අධ්‍යයනය කිරීමට නියමිතයි. ඒ අනුව ඊයේ දිනයේ දී ඔවුන් ගිනිගල්පැලැස්ස ප්‍රදේශය ආශ්‍රිත ව සිය පර්යේෂණ කටයුතු දියත් කළ අතර ගිනිගල්පැලැස්ස විහාරය ආසන්නයේ ඇති වන ලැහැබ තුළ දක්නට ඇති පාෂාණ අධිසංවේදී උපාංග භාවිතයෙන් පිරික්සනු ලැබුණා. මේ අධ්‍යයනය සඳහා ඇමරිකාව, ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව මෙන් ම ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද පර්යේෂකයන් පිරිසක් සහභාගී වනවා.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඇතැම් භූ විද්‍යාත්මක ලක්ෂණත් රතු ග්‍රහයාගේ පාෂාණත් අතර සමානතා පෙන්නුම් කරන බව සුනිති කරුණාතිලක පෙන්වා දෙනවා. ඔහු සඳහන් කරන්නේ NASA ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය (JPL), Marshall Space Flight Center සහ Marshall Space Flight Center ද මේ පර්යෙෂණය සඳහා දායක වී සිටින බවයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කපුගොල්ලේ ආනන්දකිත්ති හිමියන් සඳහන් කළේ මෙකී Serpentine පාෂාණ විශේෂයට සිංහලෙන් ‘නීල ගරුඬ’ සහ ‘චන්ද්‍රකාන්ත’ යනුවෙන් හැඳින්වෙන බවයි.

Related posts

අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ

එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය සතු චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි නවතම විද්‍යුත් චුම්භක අවිය

1 comment

අඟහරු පාෂාණවලට සමාන ‘චන්ද්‍රකාන්ත’ සොයා NASA දිවයිනට ⋆ Ceylonia News August 7, 2023 - 10:37 am
[…] විදුසර|අඟහරු මත ඇති පාෂාණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරන Serpentine නම් පාෂාණ විශේෂ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි NASA ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් මේ වන විට සිය පර්යේෂණ කටයුතු අරඹා තිබෙනවා. මේ විශේෂඥ කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලබන්නේ NASAහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන….|තව කියවන්න […]
Add Comment