Home Science News රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2023

රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2023

by Sathya

2023 වසරේ රසායන විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය Moungi Bawendi, Louis E Brus සහ Alexey Ekimov වෙත ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ක්වන්ටම් තිත් සොයාගැනීම සහ සංයෝජනය කිරීම (for the discovery and synthesis of quantum dots) වෙනුවෙන්. Royal Swedish Academy of Sciences විසින් අර්ථ දක්වා ඇති පරිදි ක්වන්ටම් තිත් යනු නැනෝතාක්ෂණයට ගෝචර වන කුඩා ම සංඝටකයයි. ඒවා LED ආලෝක පහන්, ටෙලිවිෂන් තිර ආදිය නිෂ්පාදනය කිරීමේ දී යොදාගනු ලබනවා. එසේ ම පිළිකා පටක ඉවත් කිරීමේ ශල්‍යකර්මවල දී ද සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා.

ත්‍යාගය පිළිබඳ තීරණය නිළ වශයෙන් නිවේදනය කිරීමට නියමිත ව තිබුණේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3:10 ට පමණ වුවත් අත්වැරදීමක් හේතුවෙන් එම තීරණය පැය කිහිපයකට පෙර නිළ නො වන ආකාරයට ප්‍රසිද්ධියට පත් ව තිබුණා.

ත්‍යාගයට හිමි ස්වීඩන් ක්‍රොනර් 11ක මුදල තිදෙනා අතර සම සේ බෙදී යනු ඇති.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications