Home Science News ක්ලිපර් එක්ක ඔබේ නමත් යුරෝපා වෙත යවන්න

ක්ලිපර් එක්ක ඔබේ නමත් යුරෝපා වෙත යවන්න

by Sathya

NASA ආයතනයේ යුරෝපා ක්ලිපර් (Europa Clipper) යානය ලබන වසරේ ඔක්තෝබර් 10 වැනි දා අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කෙරෙමින් පවතිනවා. බ්‍රහස්පතිගේ සාගර උපග්‍රහයා වන යුරෝපා මත ජීවයක් පැවතිය හැකි පරිසරයක් තත්ත්වයක් පවතී ද යන්න සොයා බැලීම එහි මූලික පරමාර්ථයයි.

ක්ලිපර් සමගින් අභ්‍යවකාශ ලෝලීන්ට තමන්ගේ නම ද යුරෝපා වෙත යැවිය හැකි ව්‍යාපෘතියක් NASA වෙතින් එළිදක්වා තිබෙනවා. මේ වන විට NASA වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා නම් 900,000ක් පමණ ලැබී ඇති බව සඳහන්. ඕනෑ ම අයෙකුට දෙසැම්බර් 31ට පෙර තමාගේ නම මේ සඳහා ඉදිරිපත් කළ හැකියි.

එසේ ම යුරෝපා ගැන ලියන ලද කවියක් ද ක්ලිපර් විසින් එහි රැගෙන යාමට නියමිතයි. In Praise of Mystery: A Poem for Europa යන හිසින් යුතු එය ඇමරිකානු ජාතික කිවිඳියක වන Ada Limón විසින් ලියනු ලැබ තිබෙනවා. එය ද එම වෙබ් අඩවිය ඔස්සේ රසවිඳිය හැකියි.

නියමිත දිනය වන විට රැස් වන නම් NASAහි ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ තාක්ෂණඥයන් විසින් ඉලෙක්ට්‍රෝන ධාරාවක ආධාරයෙන්, පසු ව යානයේ සවි කෙරෙන සිලිකන් මයික්‍රො චිපයක කාවැද්දීමට නියමිතයි. එසේ ලියැවෙන එක් පාඨමය පේළියක් කෙස් ගසකින් දහසකින් පංගුවක් තරම්, එනම් නැනෝමීටර 75ක ප්‍රමාණයෙන් යුතු වනු ඇති.

Message in a Bottle ලෙස නම් කර ඇති එම වැඩසටහනට මෙම සබැඳිය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලියාපදිංචි විය හැකියි.

NASA ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications