Home Science News අභ්‍යවකාශයේ වැඩි ම කාලයක් ගත කළ මිනිසාගේ වාර්තාව අලුත් වෙයි

අභ්‍යවකාශයේ වැඩි ම කාලයක් ගත කළ මිනිසාගේ වාර්තාව අලුත් වෙයි

by Sathya

අභ්‍යවකාශය තුළ වැඩිම දින ගණනක් ගත කළ පුද්ගලයාගේ වාර්තාව අලුත් කිරීමට රුසියානු විශ්වගාමී Oleg Kononenko සමත් වූ බව රොස්කොස්මොස් ආයතනය නිවේදනය කරනවා. මෙහි දී සැලකිල්ලට ගැනුණේ අඛණ්ඩ ව අභ්‍යවකාශයේ රැඳී සිටීමක් නො වන අතර යම් ගගනගාමියෙකු විවිධ මෙහෙයුම් ඔස්සේ අභ්‍යනකාශයේ ගත කර ඇති සම්පූර්ණ කාලයයි.

2024 පෙබරවාරි 04 වැනි දා විශ්වීය සම්මත වේලාවෙන් (UTS) 08:30:08 වන විට ඔහු 2008 සිය මුල් ම අභ්‍යවකාශ මෙහෙයුමේ සිට මේ දක්වා අභ්‍යවකාශයේ ගත කර ඇති මුළු කාලය දින 878 ඉක්ම වූවා. මින් පෙර එම වාර්තාව බිඳ දමා තිබුණේ රුසියානු විශ්වගාමී Gennady Padalka විසින්. ඒ දින 878 ක්, පැය 11ක්, විනාඩි 29 ක් සහ තත්ත්පර 48ක් වාර්තා කරමින්.

Kononenko මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පදිංචි ව සිටින අතර, එහි ගත කරන පස් වැනි වතාව සනිටුහන් කරමින් ඔහු එහි පැමිණියේ ඉකුත් 2023 සැප්තැම්බරයේ යි. 2024 සැප්තැම්බර් මස තෙක් ඔහු එහි රැඳී සිටීමට නියමිතයි. ඔහු ඉන් පිට වනු ඇත්තේ අභ්‍යවකාශ දින 1110ක් ගත කරමින් දින 1000ක මුළු අභ්‍යවකාශ කාලයක් ඉක්මවූ පළමු පුද්ගලයා හැටියටයි.

අඛණ්ඩ ව වැඩි ම කාලයක් අභ්‍යවකාශයේ ගත කරමින් තැබූ වාර්තාවට ද හිමිකම් කියන්නේ ද රුසියානුවෙකු වීම විශේෂත්වයක්. ඒ 1994 සහ 95 කාලය තුළ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි දින 437ක් ගත කළ Valeri Polyakov විශ්වගාමියා යි.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications