Home Science News වැඩිම වේගයකින් ගලා ගිය අයිස්ලන්තයේ මැග්මා දහර

වැඩිම වේගයකින් ගලා ගිය අයිස්ලන්තයේ මැග්මා දහර

by Sathya

අයිස්ලන්තයේ සිදු වන යමහල් විදාරණය අතරතුර ඇති වූ කිලෝමීටර 15ක් දිගු පැල්මකට මින් පෙර වාර්තා නො වූ වේගයකින් මැග්මා ගලා ආ බව වාර්තා වනවා.

“අපට සුවිශාල විදාරණවල දී වැඩි වේගයන් බලාපොරොත්තු විය හැකියි. නමුත් එහෙමයි කියලා පොළොව මතුපිට තියෙන පැල්මකට මෙතරම් ඉක්මනින් මැග්මා පිරෙන බව මා දැන සිටියේ නැහැ.” Raykjavikහි පිහිටා ඇති අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ Freysteinn Sigmundsson සඳහන් කරනවා.

Sigmundsson සහ ඔහුගේ අධ්‍යයන සගයන් අයිස්ලන්තයේ Reykjavikහි අවදි වී ඇති යමහල ආශ්‍රිත අධ්‍යයනයන් සඳහා භූමියේ පිහිටුවා ඇති සංවේදක සහ කක්ෂගත චන්ද්‍රිකාවලින් ලබාගන්නා දත්ත උපයෝගී කර ගන්නවා.

2023 නොවැම්බර් 10 වැනි දා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කිලෝමීටර කිහිපයක ගැඹුරින් යුතු, කිලෝමීටර 15ක දිගකින් යුතු විවරයක් සෑදී තිබූ අතර එය සෑදෙනවාත් සමග එයට තත්පරයට ඝන මීටර 7400ක වේගයෙන් මැග්මා පිරී ගිය බව දත්ත වාර්තා කර තිබුණා. ඒ 2021, 2022, 2023 වසරවල අයිස්ලන්තයේ Fagradalsfjall ප්‍රදේශය ආසන්නයේ සිදු වූ මැග්මා ගලා යාම්වල වේගය මෙන් සිය ගුණයකින් පමණ ඉහළ අගයක්.

Sigmundsson සඳහන් කරන්නේ මෙම පැල්මෙහි ඇති මැග්මා කඩදාසි කැබැල්ලක් මෙන් බවයි. එය පළලින් වැඩි ම තැනෙහි පළල මීටර 8 ක්. අයිස්ලන්තය භූ තැටි දෙකක් ඉවතට ඇදෙන බිම් කඩක් උඩ පිහිටා තිබෙන නිසා යමහල් ක්‍රියාකාරිත්වය අතින් සක්‍රීය භූමි භාගයක් වක අතර මෙවන් පැලුම් ඇති වීම සාමාන්‍ය දෙයක් වනවා.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications