Home Science News පර්සෙයිඩ් උල්කාපාත වර්ෂාව මේ දිනවල අහසේ

පර්සෙයිඩ් උල්කාපාත වර්ෂාව මේ දිනවල අහසේ

by Sathya

වසරේ දර්ශනීය ම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන පර්සෙයිඩ් උල්කාපාත වර්ෂාව (Perseid meteor shower) මේ දිනවල මධ්‍යම රාත්‍රී සහ අලුයම් අහසේ දැකගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවාසීන්ට ලැබී තිබෙනවා. පසුගිය ජූලි 17 වැනි දා සිට එලැඹෙන අගෝස්තු 24 වැනි දා දක්වා ඇද හැලෙන මේ උල්කාපාත වර්ෂාව ඊයේ රාත්‍රියේ උච්ඡතම අවස්ථාවට පත් වුණා. ඒ පැයක කාලය තුළ උල්කාපාත 100ක සාමාන්‍ය අගයක් තඩා හැලෙමින්.

Swift–Tuttle නමැති ධූමකේතුව හේතුවෙන් ඇති වන පර්සෙයිඩ් උල්කාපාත වර්ෂාව සෑම වසරක ම ජූලි මස මැද සිට අගෝස්තු මස අවසාන භාගය දක්වා දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. එය පර්සෙයිඩ් ලෙස හැඳින්වෙන්නේ පර්සියස් (Perseus) තාරකා රටාව පසුබිම් කරගනිමින් ඇති වන බැවිනුයි. මේ උල්කාපාත වර්ෂාවෙන් ඇදහැලෙන උල්කා ‘පර්සෙයිඩ්ස්’ (Perseids) යනුවෙන් හැඳින්වෙනවා.

වසර 133ක ආවර්ත කාලයක් සහිත Swift–Tuttle ධූමකේතුව ගමන් කරන විට විසිරී යන පර්සෙයිඩ් වලාව ලෙස හැඳින්වෙන සුන්බුන් ගොමුව පෘථිවියේ ගමන්පථය සමඟ හරස් වන සමයේ දී පර්සෙයිඩ් උල්කාපාත වර්ෂාව ඇති වනවා.

බොහෝ Perseids පොළොවේ සිට කිලෝමීටර 80ක් ඉහළ වායුගෝලයේ දී දැවී යන අතර ඇතැම් විට දිගු වල්ගා සහිත දීප්තිමත් ගිනි බෝලයක ස්වරූපයෙන් යුතු fireball වර්ගයේ උල්කාපාත ද ඇදහැලීමේ හැකියාවක් තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications