Home Science News ඇට්ලැන්ටාවේ සාමය රකින්න රොබෝවෙක්

ඇට්ලැන්ටාවේ සාමය රකින්න රොබෝවෙක්

by Sathya

ඇට්ලැන්ටාවේ Old Fourth Ward ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්වංක්‍රීය සමාජ නිරීක්ෂක රොබෝවෙකු සේවයට එක් කර තිබෙනවා. ඒ පසුගිය මාස හතක කාලය තුළ ප්‍රදේශයට අයත් ප්‍රධාන මාර්ගය පදනම් කරගනිමින් දරුණු ගණයේ අපරාධ ගණනාවක් ම වාර්තා වීමත් සමඟයි.

Boulevard වීදිය ඇට්ලැන්ටාහි මහජන ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු මධ්‍ය ලක්ෂය බවට පත් ව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මාර්ගය මත සිදු වන වෙඩි හුවමාරු වැඩි වශයෙන් වාර්තා වන්නට පටන්ගෙන ඇති බවයි. ඇට්ලැන්ටා පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි පසුගිය මාස හතක කාලය තුළ වාර්තා වී ඇති අපරාධ සංඛ්‍යාව 34ක්. ඒ අතර මිනීමැරුම්, පැහැරගැනීම්, ලිංගික අපයෝජන සහ මංකොල්ලකෑම් වනවා. පසුගිය මාස කිහිපය පුරා සිදු වූ එවැනි සිදු වීම් ප්‍රදේශවාසීන්ගේ එදිනෙදා ජීවිතයට ද බලපා තිබෙනවා.

සේවයට එක් කර ඇති මේ රොබෝවා හේතුවෙන් තත්ත්වය යළි සාමකාමී අතට හරවා ගැනීමට හැකි වනු ඇති බව ඇට්ලැන්ටා පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි. Knightscope සමාගමේ නිෂ්පාදිත K5 කාණ්ඩයට අයත් මේ රොබෝවා මිනිස් මැදිහත් වීමකින් තොර ව මාර්ගයේ සැරිසරන පුද්ගලයන් ගැන විමසිල්ලෙන් සිටිමින් යම් සැක සහිත හැසිරීමක් දුටු සැණින් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමට සමත්කම් පානවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications