ඊජිප්තුවෙන් චිකාගෝවේ පිහිටි ක්ෂේත්‍ර කෞතුකාගාරය වෙත ගෙන එන ලද දුසිමකට වැඩි මමී අතර තිබූ එක් මමියක් සාපේක්ෂ ව විශේෂත්වයක් ඉසිලුවා. ඒ අදින් වසර 3000කට පෙර මිය ගිය Chenet-aa නමැති කුලීන කාන්තාවගේ මමියයි. එය තැන්පත් කිරීම සඳහා අනුගමනය කර තිබූ ක්‍රියාවලියේ සංකීර්ණබව වසර ගණනක් තිස්සේ විද්‍යාඥයන්‌ගේ මිවිතයටත්, ප්‍රශ්නාන්විතයටත් හේතු වී තිබුණා.
ඇය මිය ගිය විගස ම වාගේ සිරුර ‘මළවුන්ගේ ලෝකය’ සඳහා සූදානම් කර තිබුණේ කඩදාසිවලින් තනන ලද විශාල යන්ත්‍රයක් සේ පෙනෙන විවර කළ හැකි පොටක් පාදා ගත නො හැකි රන් පැහැ මිනී පෙට්ටියක් තුළ තනැපත් කරමින්. මෙනිසා එය විවර කළ හැක්කේ කෙසේ දැ යි නූතන පුරාවිද්‍යාඥයන් මවිතයට පත් ව සිටි අතර එය හැඳින්වුණේ ද “locked-mummy mystery” හෙවත් අගුළු දැමූ මමියේ අබිරහස ලෙසයි.
මේ මමිය මෑතක දී CT X කිරණ පරිලෝකනයට ලක් කෙරුණු අතර, Chenet-aaගේ අවශේෂ වසර තුන් දහසක් තිස්සේ ආවරණය කරගෙන සුරැකි ව තබාගත් මිනී පෙට්ටිය ගැන මෙතෙක් නො දත් තතු අනාවරණය කරගන්නට ඉන් හැකියාව ලැබී තිබුණා.
“පිටුපසින් පහළට දිවෙන වාටියක් සහ මැහුමක් මතුවන්නය පටන් ගන්නවා.” චිකාගෝ කෞතුකාගාරයේ මානවවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ සංරක්ෂක JP Brown පෙන්වා දෙනවා.
නව විශ්ලේෂණයේ දී අනාවරණ වී තිබුණේ මමිය කෙළින් සිටුවා තිබිය දී ඝන කඩදාසි මිනී පෙට්ටිය එය වටා ඔතා ඇති බවයි.
Chenet-aa ආර්යාව මිය යන විට අවුරුදු 30ත් 40ත් අතර වයසක පසු වන්නට ඇති බව ද පරිලෝනයේ දී සොයා ගැනුණා. ජීවත් ව සිටිය දී ඈ ගත් ආහාරවල තිබූ එනමලයට හානි කරන වැලි කැට හේතුවෙන් දත් කිහපයක් ම අහිමි වී ගොස් තිබූ බව ද ඉන් ප්‍රථම වතාවට අනාවරණ කර ගැනුණා.
Independent ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්