Science News XPENG මානව රූපී රොබෝවෙකු තනයි SathyaNovember 11, 2024061 views චීනයේ විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකු වන XPENG සමාගම Tesla ගිය මඟ යමින් තමන්ගේ ම සැලසුමකට අනුව මානව රූපී රොබෝවෙකු එළිදක්වා තිබෙනවා. සමාගම විසින් නිපදවනු ලැබූ පළමු රොබෝවා වන මෙය Iron නම් වනවා. එය එළිදැක්වුණේ පසුගිය දා XPENG විසින් සංවිධානය කර තිබූ 2024 AI Day අවස්ථාවේ දීයි. සන්ධි 60කින් සමන්විත Iron රොබෝවාට අංශක 200ක් නිදහසේ ඒ මේ අත හැරීමට හැකියාව ලැබී තිබෙනවා. XPENG පවසන පරිදි එය නිපදවා ඇත්තේ ඔවුන් සතු වාහන මාදිලි නිපදවන තාක්ෂණය ම උපයෝගී කරගෙනයි. Iron රොබෝවා මේ වන විටත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුළ අනලස් ව කටයුතු කරමින්, ඉදිරියේ දී වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත නවතම XPENG විදුලි මෝටර් රථය වන P7+ නිෂ්පාදන කටයුතු සඳහා සහයෝගය ලබා දෙමින් සිටින බව ද සමාගම සඳහන් කරනවා. “රොබෝවා දැනටමත් XPENGහි එදිනෙදා මෙහෙයුම් වෙනුවෙන් අනුයුක්ත කර ඇති අතර කර්මාන්ත ශාලා සහ ගබඩා ආදී අභ්‍යන්තරික අංශ කෙරෙහි අවධානයෙන් පසු වනවා.” සමාගම කළ ප්‍රකාශයක දැක්වෙනවා. Interesting Engineering ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්