ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි

අසල්වාසී ඉන්දියාව ඉකුත් සෙනසුරාදා සිය ප්‍රථම දිගුදුර හයිපර්සොනික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ ඉන්දියාව දියණු යුද තාක්ෂණ උපක්‍රම සහිත ජාතීන් අතර වඩාත් ස්ථාවර තත්ත්වයට පත් කරමින්.

ඉන්දියාවේ ආරක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය ( Defence Research and Development Organisation – DRDO) විසින් සංවර්ධනය කෙරුණු එය යුදහිස් අයබර සහිත ව කිලෝමීටර 1500ක දුර ප්‍රමාණයක් දක්වා පියාසර කළ හැකි බව ඉන්දීය රජය නිවේදනය කළා.

සෙනසුරාදා පවත්වන ලද අත්හදාබැලීම සිදු වූයේ ඔදීශා ප්‍රාන්තයට යාබද නැඟෙනහිර මුහුදේ පිහිටා ඇති ආචාර්ය ඒ. පී. ජේ. අබ්දුල් කලාම් දූපතේ සිටයි. එහි දී මිසයිලයේ පර්යන්තමය හැසිරීම් සහ නිරවද්‍ය වූ ඝට්ටනය සාර්ථක ලෙස අත්හදා බැලුණා.

“DRDO විසින් 2024 නොවැම්බර් 16 වැනි දා ඔදීශා වෙරළට ඔබ්බෙන් පිහිටන ආචාර්ය ඒ. පී. ජේ. අබ්දුල් කලාම් දූපතේ සිට සිය දිගුදුර හයිපර්සොනික් මිසයිලය සාර්ථක ලෙස පියාසර කොට අත්හදා බැලුණා.” අත්හදාබැලීමේ සාර්ථකත්වයෙන් පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රංජිත් සිංගේ නිල X ගිණුමේ සටහනක් පළ වී තිබුණා. ඔහු ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ හයිපර්සොනික් මිසයිලයේ සාර්ථකත්වය ඉන්දියාවට වැදගත් සංධිස්ථානයක් වනු ඇති බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි

ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ

අභ්‍යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි