Home Science News මධ්‍යම ඇමරිකාවේ මස් කන පරපෝෂිතයා යළි හිස ඔසවයි

මධ්‍යම ඇමරිකාවේ මස් කන පරපෝෂිතයා යළි හිස ඔසවයි

by Sathya

ධාරකයාගේ මස් ආහාරයට ගන්නා පරපෝෂිතයෙකු නිසා ඇති වන රෝගී තත්ත්වයක් මධ්‍යම ඇමරිකාවේ ඇතිවෙමින් පවතින ​බවට ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. New World screwworm නම් වන මොවුන් Cochliomyia hominivorax යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන අතර මූලික වශයෙන් ගවයන් ඇතුළු අනෙකුත් පශු සම්පත් වෙත ආදාදනය වන අතර මිනිසුන්ට ද ආසාදනය වන බව සොයාගෙන තිබෙනවා. ආසාදනයේ දී New World screwworm මයැසීසය ලෙස හැඳින්වෙන මරණීය රෝගී තත්ත්වයක් ඇති වන අතර එය සුවපත් කිරීම සඳහා මෙතෙක් ප්‍රතිකර්මයක් සොයාගෙන නැහැ.

දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු මහාද්වීපවල රටවල් ඩොලර් බිලියන ගණනින් වැය කොට මේ පරපෝෂිතයන් පාලනය කිරීමට කටයුතු කර තිබුණා. උන් දකුණු ඇමරිකාවය සහ කැරිබියන් කලාපයට ආවේණික ලෙස පැවත තිබුණත් 2023 සිට වාර්තා වන New World screwworm ආසාදන විශ්ලේෂණය කර බලන විට ඒවා උතුර දෙසට සංක්‍රමණය වන බව පෙනී යනවා.

1930 සහ ‘50 අතර කාලයේ එක්සත් ජනපදයේ දකුණුකරයේ ප්‍රාන්තවල ගොවිපළ දැඩි ලෙස මේ පණුවන්ගේ තර්ජනයට මුහුණ දුන් බව වාර්තා වනවා. ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන පරිදි එකල සෑම වසරකට වරක් මේ හේතුවෙන් ඩොලර් මිලියන සියයක් අපතේ ගොස් තිබෙනවා. 1960 දශකයේ මැද වන විට වන්ධ්‍යකරණය නිසා screwworm මැස්සන්ගේ බිජුලෑම අවහිර කර ඇමරිකානු භූමියෙන් ඔවුන්ගේ පැවැත් ම ඉවත් කිරීමට හැකි වූ අතර ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාව බාධක කලාපයක් ලෙස පවත්වා ගැනුණා.

1986 වන විට මෙක්සිකෝවට සහ අනෙකුත් දකුණු ඇමරිකානු හා කැරිබියන් රටවලට සීමා වී තිබූ අතර පසුගිය නොවැම්බර් 22 දා මෙක්සිකෝවෙන් වාර්තා වූ ආසාදන හේතුවෙන් එය යළි හිස ඔසවා ඇති බවත්, නැවත වතාවක් ඇමරිකානු දේශ සීමා තරණය කරීමේ අවදානමක් ඇති බවත් ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය දා සඳහන් කර තිබුණා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications