Home Science News හයිඩ්‍රජන් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් පොළොව යට

හයිඩ්‍රජන් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් පොළොව යට

by Sathya

හයිඩ්‍රජන් වායුව ටොන් ට්‍රිලියන ගණනින් පොළොව අභ්‍යන්තරයේ වැළලී තිබෙන බව නවතම අධ්‍යයනයකින් යෝජනා කෙරෙනවා. සමස්තයක් වශයෙන් පෘථිවියේ පාෂාණ සහ භූගත ජලාශවල ඇති හයිඩ්‍රජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් බව ඉන් අනුමාන කර තිබෙනවා.

පර්යේෂකයක් පවසන්නේ මේ දැවැන්ත සැඟවුණු හයිඩ්‍රජන් සංචිතයෙන් අතිශය සුළු ප්‍රමාණයක් වුව ද උකහාගතහොත් දශක දෙකකට අධික කාලයකට ෆොසිල ඉන්ධන මත රඳා පැවතීම නවතා දැමිය හැකි බවයි.

භූ රසායක ක්‍රියාවලි නිසා ස්වාභාවික ලෙස උත්පාදනය වූ භූ ගර්භීය හයිඩ්‍රජන් මඟින් අවශ්‍යතා රැසක් සපුරාගැනීමේ විභවය පවතිනවා. කෙසේ නමුත් මේ වනතෙක් හයිඩ්‍රජන් පිරි භූගත ජලාශ සොයාගෙන ඇත්තේ ස්ථාන කිහිපයකින් පමණයි. ඇල්බේනියාව සහ මාලි ඒ අතර වනවා.

කෙසේ නමුත් සිදු කෙරුණු මේ නවතම අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ මෙවැනි සංචිත මුළු ලොව පුරාම පිහිටීමේ හැකියාව පවතින බවයි. කෙසේ නමුත් මින් ඇතැම් සංචිත ළඟා වීම අපහසු ලෙස ගැඹුරින් පිහිටා තිබිය හැකි අතර ඇතැම්වා ගැඹුරු සාගර පත්ල යටින් ද පිහිටිය හැකියි. එසේ ම ඇතැම් සංචිත ආර්ථිකමය වශයෙන් රඳා පැවතිය හැකි නො වන තරමට ප්‍රමාණයෙන් සහ සම්පත් අතින් පටු විය හැකි බව ද අධ්‍යයනය පෙන්වා⁣ දෙනවා.

මේ කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් පොළොව අභ්‍යන්තරයේ සෑහෙන තරමින් හයිඩ්‍රජන් ගැබ් ව ඇති බවත්, ⁣එකී සීමාකාරී සාධක වුව ද නො සලකා හැරිය හැකි අන්දමින් කර්මාන්තය දියුණු කළ හැකි බවත් U.S. Geological Survey හි පෙට්‍රෝලියම් භූ රසායන විද්‍යාඥ Geoffrey Ellis පෙන්වා දෙනවා.

පසුගිය දා Science Advances හි පළ වූ අධ්‍යයනය පුරෝකථනය කරන්නේ මෙලෙස සංචිත ව පවතින හයිඩ්‍රජන් සියල්ල ලබා ගැනීම ප්‍රයෝගික නො වන දෙයක් වුවත් ඉන් 2%ක ප්‍රමාණයක් උකහා ගැනීමෙන් ඉදිරි වසර 200ක කාලය ඇතුළත ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරාගත හැකි බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications